August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙවසරක දිගුව පතා රහසිගත දේව පූජාවක් !

1 min read

අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන, තමන්ගේ විශ්‍රාම වයස දිගු කර දෙන ලෙස ඉල්ලා පසුගිය දා රාත්‍රියේ කොළඹ පිහිටි විශේෂ ස්ථානයක දී දේව පූජාවක් පවත්වා තිබේ.

තම පවුලේ සමීපතම පිරිස හා වඩාත් හිතවත්ම පිරිස පමණක් සහභාගි කර ගනිමින් පවත්වන ලද එම දේව පූජාව පැය 4 කට අධික කාලයක් පවත්වා ඇත. එයට සහභාගී වූ “බෝන් අගේන්” ක්‍රිස්තියානි නිකායේ බොරැල්ල ආශ්‍රිත දේවගැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා තිබේ. පූජාව පැවැත් වූ රහසිගත ස්ථානයේ වූ නාන තටාකය තුළ ගිල්වා තබා ගනිමින්, අන්‍ය භාෂාවකින් සිදු කරන ලද යාච්ඤා කිරීමකින් අදාල දේව පූජාවේ කටයුතු අවසන් කර තිබේ.

එම අවස්ථාවට සහභාගී වී සිටි සූරසේන පවුලේ සමීපත‍මයකු මේ පිළිබඳව සඳහන් කරමින් තම මිතුරකු සමග පවසා ඇත්තේ, ආණ්ඩුව කකුල පස්සට ගනු ඇතැයි යන බිය අගවිනිසුරු සූරසේනට ඇතිව තිබෙන බවයි. එය හේතුකොටගෙන බොරැල්ල යාච්ඤා මධ්‍යස්ථානයේ “අධිකාරී යාච්ඤාව” කිරීමෙන් සෑහීමකට පත් නොවී මෙම විශේෂ දේව පූජාව සිදු කිරීමට තීරණය කරන ලද බවයි.

  • ගැමුණු බණ්ඩාර දේවප්‍රිය
ජනප්‍රිය පුවත්  රුසියන් තෙල් ආණ්ඩුව අත හරි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x