August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රංශ නීතිඥ සම්මේලනය ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම

1 min read

මෙරට විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමෙන් වළකින ලෙස ප්‍රංශ නීතිඥ සම්මේලනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ මතයට සහාය පළකරමින් මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ජාතික නීතිඥ සම්මේලනය විසින් යෝජනාවක් ද සම්මත කරගැනීම විශේෂත්වයකි.

එම යෝජනාව මගින් කියා සිටින්නේ අදාළ සංශෝධනය අධිකරණය වෙත නිර්දය බලපෑමක් කිරීමේ උත්සාහයක් ලෙස ජනතාව දකින බවය.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියට සහාය පළ කරන ප්‍රංශ නීතිඥ සම්මේලනය සඳහන් කරන්නේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට හා යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ජනතා විශ්වාසය තහවුරු කිරීම සඳහා ස්වාධීන, අපක්ෂපාතී, අවංකභාවයෙන් යුත් බලයලත් අධිකරණ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බවය.

එම නිසා අදාළ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමෙන් වළකින ලෙස ප්‍රංශ නීතිඥ සම්මේලනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ඊට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සියලු පාර්ශ්වකරුවන්ගේ ප්‍රමාණවත් අදහස් ලබා ගැනීමකින් යුතුව නිසි ක්‍රියාවලියකට හා ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව සිදුකළ යුතු බව ප්‍රංශ ජාතික නීතිඥ සම්මේලනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ජනප්‍රිය පුවත්  හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් පැමිණෙයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x