August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩො.බි. 5ක ඩිජිටල් අපනයන ඉලක්කය වෙනුවෙන් උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කෙරේ

1 min read

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින් 2030 වසර වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කළ උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම සහ ඒ පිළිබඳ ක්ෂේත්‍රයේ එකඟතාව ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කළ “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව අද (31) පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එක්ව ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව සංවිධානය කළ මෙම වැඩමුළුවේ සමාරම්භක දේශන ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ප්‍රධාන ක්ෂේත්‍ර නිලධාරී වික්ටර් ඇන්ටනිපිල්ලෙයි යන මහත්වරුන් විසින් පවත්වන ලදී.

ලෝක බැංකු තාක්ෂණික සහාය යටතේ KPMG ආයතනය සකස් කළ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳ තක්සේරු වාර්තාව සහ යෝජිත මාර්ග සිතියම මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර, කර්මාන්ත සංවර්ධන කමිටුවේද දායකත්වයෙන් වැඩිදියුණු වූ මෙම සැලැස්ම පිළිබඳ ක්ෂේත්‍රයේ අදහස් හා යෝජනා ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය. මානව සම්පත් හා කුසලතා සංවර්ධනය, නවෝත්පාදන හා ස්වාධීන වෘත්තිකයන් සවිබල ගැන්වීම, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය මෙන්ම ඊට අදාළ ප්‍රතිපත්ති, ආයෝජන සහ යටිතල පහසුකම් තේමා කරගනිමින් පැවැති සාකච්ඡා සැසිවලදී වාර්තාවේ නිගමන, අලුත් යෝජනා, ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතා, ආයතනික වගකීම් සහ ප්‍රගති දර්ශක පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු විය.

ජනප්‍රිය පුවත්  පොදු සමාව නිර්දේශ වූ සිරකරුවන්ට තවදුරටත් හිරේම ඉන්න වෙයි…!

එමෙන්ම කෘත්‍රිම බුද්ධිය හමුවේ රැකියා හා ව්‍යාපාරික ආකෘතිවල සිදුවන වෙනස්කම්, බුද්ධිමය දේපළ පදනම් කරගත් අපනයන වර්ධනය සහ දේශීය නවෝත්පාදන ගෝලීය වෙළෙඳපොළට ගෙන යාම පිළිබඳවද විශේෂයෙන් සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ස්ථානගත කිරීමටත්, ජාත්‍යන්තර තරගකාරීත්වය හා රැකියා අවස්ථා පුළුල් කිරීමටත් අවශ්‍ය සාක්ෂි මත පදනම් වූ ක්‍රියාකාරී රාමුවක් සැපයීම මෙම මාර්ග සිතියමේ අපේක්ෂාව වන අතර, මෙම වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාද ඇතුළත් කරමින් වගකිවයුතු ආයතන, කාලරාමු සහ ප්‍රගති දර්ශක සහිත ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x