ධූර කාලය දීර්ඝ කරන්න එපා ! අගවිනිසුරු කියයි !
1 min read
තමන්ට පත්වීම ලැබුණේ අවුරුදු 65 දක්වා සේවය කිරීමට මිස, අවුරුදු 70 දක්වා පදවියේ සිටීමට නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අගවිනිසුරුවරයා වයස අවුරුදු 65 දීම විශ්‍රාම යාමට කටයුතු කර තිබේ.
ඒ, ශ්‍රී ලංකාවේ නොව හොංකොං වලය. 2019 දී හොංකොං පාලනය විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 70 දක්වා දීර්ඝ කිරීමට යාමේ දී හොංකොං අගවිනිසුරුව සිටි ජෙෆ්රිමා එසේ ප්‍රකාශ කර, වයස අවුරුදු 65 දී විශ්‍රාම ගොස් තිබේ.
තමන් අගවිනිසුරු පදවියට පත්වෙන අවස්ථාවේ තිබුන විශ්‍රාම වයසේ දී විශ්‍රාම යාම අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා කළ යුතු හොඳම දේ බව සඳහන් කළ එතුමා සුදුසු අනුප්‍රාප්තිකයින් තෝරාගෙන නිරන්තරයෙන් නායකත්වය සුදුස්සන් අතට පත්කිරීම කිසියම් තනි පුද්ගලයකු දීර්ඝ කාලයක් අගවිනිසුරු පදවිය දැරීමට වඩා යෝග්‍ය ක්‍රමවේදය බවද එහි දී ප්‍රකාශ කර ඇත.
පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කර තිබුණු සම්මන්ත්‍රණයක් ඇමතූ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු, අගවිනිසුරු ජෙෆ්රිමා ගේ ආදර්ශය හුවා දක්වනු ලැබුවේය.
- රවී කුමාරසිරි

හොංකොං අගවිනිසුරුව සිටි ජෙෆ්රිමා
