සුරේෂ් සලේගේ පෙත්සම කල් යයි
1 min read
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (27) යළි අභියාචනාධිකරණය හමුවේ සලකා බලා ඇත.
එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.
ඉන් අනතුරුව පෙත්සම හෙට (28) දින නැවත කැඳවීමට නියම කර තිබේ..
ඒ අනුව, හෙට දිනයේ දී පෙත්සම සලකා බලන දිනය නියම කිරීමට නියමිතව ඇත.
