July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

1 min read

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන අද (24) දින විවාදයට ගැනීමට නියමිතය.

පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසු ගිය 21 වනදා භාරදී තිබුණි.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව අද දින උදෑසන 9.30 සිට 10 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙරවරු 10 සිට 11 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙරවරු 11 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27/2 යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  කටාර් LNG නිෂ්පාදනය තාවකාලිකව නවත්වයි - ඉන්දියාවේ ගෑස් සැපයුමට දැඩි බලපෑමක්!

ඉන් අනතුරුව උදෑසන 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂන නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළේය.

ඒ අනුව අද දින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x