November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. – මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

1 min read

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

තමන්ද කතෝලික බැතිමතෙකු බවත්, තමන්ගේ ආගමික නායකයන් සිදුකරන ඇතැම් ක්‍රියා පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් ඔහු පවසයි.

මීගමුව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද ධුරයෙන් ඉල්ලා අස් විම සම්බන්ධයෙන්ද විශේෂ හෙළිදරව්වක් සිදුකරමින් ඔහු පවසන්නේ පල්ලියට එරෙහි වීම නිසා මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවය.

කතෝලික පල්ලිය අදායම් උපයන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී දැඩි විවේචනයක් එල්ල කරයි.

සීසර්ග දේ සීසර් ගත යුතු බවත්, දෙවියන්ගෙ දේ දෙවියන් ගත යුතු බවත් පවසන ඔහු දෙවියන්ගෙ දේ දෙවියොත් ගෙන සීසර්ගෙ දේත් ගන්නවා නම් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බවත් පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x