සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..
1 min read
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
“සලේ වෙනුවෙන් ප්‍රංශයේ අපි” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය ඊයේ (ජූලි 19) දින ප්‍රංශයේ වේලාවෙන් පස්වරු 5:00 ට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ප්‍රසිද්ධ Place de la République පරිශ්‍රයේදී පවත්වන ලදී.



