රනිල් සහ සජිත් අතර හමුවක්
1 min read
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සඳහා කැඳවා තිබෙන සාකච්ඡාවට සහභාගී වීමට හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත යාමට නියමිතව ඇතැයි වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වූ පසු කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යයට රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැමිණෙන්නේ ප්‍රථම අවස්ථාව මෙය බවද පැවසේ.
විපක්ෂ නාලක ලෙස සජිත් ප්‍රේමදාස මහතාට, විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා මාලිමා රජය ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ වල සහභාගීත්වයෙන් රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට පෙර විපක්ෂනායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීමට අදාළ සාකච්ඡාව කඩිනමින් පවත්වන ලෙස නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකව දුරකථනය ඔස්සේ කතාකර විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.
එම රැස්වීම සඳහා ස්ථිර වශයෙන්ම පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගී වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරුණු විට විපක්ෂයේ අනෙක් සියලුම පක්ෂ වල නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වනු ඇතැයි දැනගන්නට තිබේ.
