October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වල්ලෙ ලෙඩේට බෙල්ලෙ තැල්ල බැදීම

1 min read

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ඇති වූයේ ඩොලර් අර්බුදයකි.

වර්තමාන අනුරගෙ ආණ්ඩුව ඩොලර් ප්‍රශ්ණයට විසඳුම් නොසොයා රුපියල් වලින් භාණ්ඩාගාරය පිරෙව්වා යැයි පාරම්බාන ආර්ථික පුස්ස නූතන ආර්ථික විද්‍යා න්‍යායන් ඇසුරෙන් පුළුල්ව විග්‍රහ කර බලමුද…?

වත්මන් ශ්‍රී ලංකාවේ මූල්‍ය දත්ත දෙස බලන විට එක් පැත්තකින් රජයේ බදු ආදායම සීඝ්‍රයෙන් ඉහළ ගොස් භාණ්ඩාගාරය පිරී යන බව පෙනෙන්නට තිබේ.

නමුත් අනෙක් පැත්තෙන්, ජනතාව දැඩි බදු බරකින් පීඩා විඳින අතර රටේ සැබෑ සංවර්ධනය සහ ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී ඇත.

රුපියල දිගින් දිගටම පීඩනයට ලක්වෙමින්, උද්ධමනය නැවතත් හිස ඔසවන වටපිටාවක ජනතාවගෙන් මිරිකා ගන්නා බදු මුදල් භාණ්ඩාගාරයේ රුපියල් සංචිත ලෙස ගොඩගැසීම ආර්ථික විද්‍යාත්මකව ඵලදායීද…?

නවතම දත්ත සහ ආර්ථික විද්‍යා න්‍යායන් ඇසුරින් මෙහි ඇති ඇත්තම අනතුර විමසා බලමු.

මහ බැංකු දත්ත වලට අනුව, 2026 වසරේ මුල් මාස 5 (ජනවාරි – මැයි) තුළ පමණක් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.32 දක්වා 23.9% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් අයවැය ලේඛනයේ සමස්ත අතිරික්තය රුපියල් බිලියන 197.34 ක් දක්වා වර්ධනය වී තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව, 2026 ජූනි මාසය වන විට මෙරට උද්ධමනය වසර 3කින් ඉහළම අගය වන 6.8% දක්වා වේගයෙන් වර්ධනය වී ඇත.

ඩොලරය ශක්තිමත් වීම හමුවේ 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල 4.8% කට වඩා වැඩි අගයකින් අවප්‍රමාණය වී ඇත.

ආර්ථික විද්‍යා න්‍යායන් අනුව මෙහි ඇති භයානකකම කුමක්ද .?

  1. කේන්සියානු න්‍යාය (Keynesian Economics) සහ ද්‍රවශීලතා උගුල (Liquidity Trap)ජෝන් මේනාඩ් කේන්ස්ගේ ආර්ථික විද්‍යා න්‍යායට අනුව, ආර්ථිකයක් කඩාවැටී ඇති අවස්ථාවක රජය කළ යුත්තේ ජනතාව සතු මුදල් බදු හරහා භාණ්ඩාගාරයට ඇද ගැනීම නොව, රාජ්‍ය වියදම් (Public Expenditure) ඉහළ නංවමින් වෙළඳපොළ තුළට මුදල් සංසරණය කිරීමයි.

ජනතාවගෙන් අධික ලෙස බදු අය කර ඒවා භාණ්ඩාගාරයේ රුපියල් ලෙස එකතු කර තැබීමෙන් වෙළඳපොළේ “ඵලදායී ඉල්ලුම” (Effective Demand) මුළුමනින්ම නැති වී යයි.

ව්‍යාපාර වැසී යන්නේ සහ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය නැති වන්නේ මේ නිසාය.

  1. මුදලේ කාලීන අගය (Time Value of Money) සහ උද්ධමන ඛාදනය හෙවත් 6.8% ක උද්ධමනයක් පවතින රටක, භාණ්ඩාගාරය තුළ රුපියල් බිලියන ගණනින් තබා ගැනීම හරහා එම මුදල්වල “සැබෑ වටිනාකම” (Purchasing Power) දිනෙන් දිනම දිය වී යයි.
    .
    අද රුපියල් බිලියනයකින් කළ හැකි සංවර්ධන වැඩකටයුත්තක්, තව මාස කිහිපයකින් කිරීමට රුපියල් බිලියන 1.1ක් හෝ 1.2ක් වැය කිරීමට සිදු වේ.
ජනප්‍රිය පුවත්  එංගලන්තයේ ලිංගික අධ්‍යාපනය ගැන උදම් අනන ලංකාවේ රැඩිකල් තාත්තලා නොදත් කතාව

එම නිසා රුපියල වේගයෙන් අවප්‍රමාණය වන, උද්ධමනය වේගයෙන් ඉහළ යන රටක රුපියල් ගොඩගසා තැබීම අමු ගොබ්බ වැඩකි.

  1. ලැෆර් වක්‍රය (Laffer Curve) සහ බදු පීඩනයලැෆර් වක්‍රයෙන් පෙන්වා දෙන්නේ බදු ප්‍රතිශතය සාධාරණ සීමාව ඉක්මවා ගිය විට, ජනතාව සහ ව්‍යාපාර අධෛර්යමත් වී දිගුකාලීනව රටේ නිෂ්පාදන ආර්ථිකය මුළුමනින්ම කඩාවැටෙන බවයි.

වර්තමානයේ ලංකාවේ සිදුවන්නේ ද එයමයි.

උපයන විට බදු (APIT) සහ වැට් (VAT) බදු හේතුවෙන් වෘත්තිකයන් රට හැර යයි; දේශීය කර්මාන්ත බිඳ වැටේ.

🛑 රටේ සංවර්ධනය අඩාල වන ආකාරය රජය භාණ්ඩාගාරයේ ඉලක්ක සපුරා ගැනීමට සහ අයවැය හිඟය පියවීමට ප්‍රමුඛතාවය දීමේදී, රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් අඩාල වී ඇත
ප්‍රාග්ධන වියදම් කපා හැරීම (Capital Expenditure Cuts): මහාමාර්ග, රෝහල්, පාසල් සහ තාක්ෂණික යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන අවම කර ඇත.

යටිතල පහසුකම් නොමැති රටකට විදේශ ආයෝජන (FDI) පැමිණෙන්නේ නැත.

උද්ධමනය හමුවේ ජනතාව අන්ත අසරණ වෙද්දී, බදු මුදල් සංචිත ලෙස තබා ගැනීම නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ගුණාත්මකභාවය බිඳ වැටී ඇත.

රජය දේශීය වෙළඳපොළෙන් (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා) දිගින් දිගටම ණය ගැනීම නිසා පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ණය පහසුකම් බැංකු පද්ධතියෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත (Crowding Out Effect).

මෙයට විසඳුම කුමක්ද. ?

නූතන සාර්ව ආර්ථික විද්‍යාවට අනුව, රජයක් මේ මොහොතේ කළ යුත්තේ බදු මුදල්වලින් භාණ්ඩාගාරයේ “රුපියල් සංචිත” පිරවීම නොව, බදු ප්‍රතිසංස්කරණ එනම් සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාර මත පටවා ඇති අසාධාරණ බදු බර ලිහිල් කර, වෙළඳපොළ තුළ මුදල් සංසරණය වීමට ඉඩ හැරීමයි.

ප්‍රාග්ධන ආයෝජන වැඩිකිරීම මගින් භාණ්ඩාගාරයේ ඇති මුදල් කඩිනමින් රටේ නිෂ්පාදන ක්ෂේත්‍ර සහ අපනයන කර්මාන්ත (Export-led growth) නැංවීම සඳහා යෙදවීම.

විදේශ විනිමය කළමනාකරණය කරගෙන රුපියල බේරා ගැනීමට නම් දේශීය රුපියල් සංචිත නොව, අපනයන සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන් විදේශ විනිමය සංචිත (USD) ශක්තිමත් කර ගැනීම
.”භාණ්ඩාගාරය පිරී තිබීම පමණක් රටක් ධනවත් වීමේ ලක්ෂණයක් නොවේ, රටක් ධනවත් වන්නේ ජනතාවගේ සාක්කුව සහ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් වූ විට පමණි!”

ඩොලර් අර්බුදයේ නිරුවත…

අනුරගෙ ආණ්ඩුව ජනතාවගෙන් අධික ලෙස බදු අය කරමින් භාණ්ඩාගාරයේ රුපියල් සංචිත පුරවා ගන්නා ආකාරය අපි දකිමු..

ජනප්‍රිය පුවත්  පොහොට්ටුව කවදාවත් මාලිමාවට විකල්පය නෙවෙයි.

රජයේ ආදායම ඉහළ ගොස් ඇති බව පවසමින් දේශපාලන වේදිකාවල සාර්ථකත්වයේ කතා කීවත්, රටේ සැබෑ ආර්ථික අර්බුදය වන “ඩොලර් හිඟයට” තවමත් ස්ථාවර විසඳුමක් ලැබී නැත.

මහ බැංකුවේ නවතම නිල දත්ත සහ සාර්ව ආර්ථික විද්‍යා න්‍යායන් ඇසුරින් මෙහි ඇති බරපතලකම විමසා බලමු…

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2026 මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,881ක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය, 2026 ජූනි අවසන් වන විට ඩොලර් මිලියන 6,450 දක්වා 6.2% කින් සීඝ්‍රයෙන් පහත වැටී ඇත.

(මෙම ඩොලර් බිලියන 6.4 ක සංචිතය තුළ චීන මහ බැංකුවෙන් ලබාගත් (PBOC) යුවාන් ස්වැප් පහසුකමට අදාළ ඩොලර් බිලියන 1.5 කට ආසන්න මුදලක් අඩංගු වේ. එය සාමාන්‍ය ආනයන කටයුතු සඳහා නිදහසේ භාවිතා කළ නොහැකි කොන්දේසි සහිත මුදලකි.)

2026 වසරේ මුල් මාස 5 තුළ ලංකාවේ ජංගම ගිණුම නැවතත් ඩොලර් මිලියන 97 ක හිඟයක් වාර්තා කර ඇත.

ඩොලර් සංචිත මෙතරම් වේගයෙන් අඩුවීමට හේතු මොනවාද…?

  1. ආනයන ඉල්ලුම පාලනය කිරීමට නොහැකි වීම (Import Surge)

අපනයන ආදායම වර්ධනය නොකර ආනයන සීමා ලිහිල් කිරීම නිසා ඩොලර් පිටතට ගලායාම වේගවත් වී ඇත. උදාහරණයක් ලෙස මහ පරිමාණයෙන් මෝටර් රථ ආනයනය කිරීමට ඉඩ දීම පෙන්වා දිය හැකිය.

  1. ද්විත්ව හිඟයේ අර්බුදය (Twin Deficits Hypothesis) අනුව ආර්ථික විද්‍යාවේ න්‍යායාත්මකව පෙන්වා දෙන්නේ රටක අයවැය හිඟය (Fiscal Deficit) සහ වෙළඳ හිඟය (Trade Deficit) එකිනෙකට බැඳී පවතින බවයි.

රජය දේශීය බදු මුදල්වලින් පමණක් අයවැය පියවා ගැනීමට උත්සාහ කළද, රටේ නිෂ්පාදන ආර්ථිකය (Manufacturing) ශක්තිමත් නොවීම නිසා වෙළඳ හිඟය පියවීමට දිගින් දිගටම ඩොලර් වැය කිරීමට සිදුවේ.

ආර්ථික විද්‍යා න්‍යායන් පවසන ඩොලර් අර්බුදයේ ඇත්තම අනතුර කුමක්ද..?

  1. ගෙවුම් ශේෂ අර්බුදය (Balance of Payments – BOP Crisis)රටකට ඇතුළු වන විදේශ විනිමය ප්‍රමාණයට වඩා පිටතට ගලායන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වූ විට ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය වේ.

රජය භාණ්ඩාගාරයේ රුපියල් බිලියන ගණනින් පුරවා තිබුණද, ලෝක වෙළඳපොළේ ගනුදෙනු සඳහා රුපියල් භාර නොගන්නා බැවින් එම රුපියල් සංචිතවලින් BOP අර්බුදයට කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැත.

  1. ව්‍යුහාත්මක දුර්වලතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක මඟහැරීම ගැන මීලඟට විමසා බලමු.

කේපීඑම්ජී (KPMG) ආයතනයේ නවතම ආර්ථික අනාවැකිවලට අනුව, පවතින අධික ආනයන පීඩනය නිසා IMF ආයතනය විසින් 2026 වසර අවසානය සඳහා ලබා දී ඇති ඩොලර් බිලියන 8.6 ක නිල සංචිත ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ දැඩි අවදානමක් ඇත.

  1. ප්‍රාග්ධන පලායාම (Capital Flight) හෙවත් රට තුළ දේශීය ව්‍යාපාරිකයින් අධික බදු බරින් මිරිකෙන විට සහ රටේ ස්ථාවර ඩොලර් ප්‍රතිපත්තියක් නොමැති විට, විදේශ ආයෝජකයින් තම දේපළ විකුණා ඩොලර් රැගෙන රටින් පිටව යයි (Capital Flight). 2026 මැයි මාසයේදී පමණක් රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙන් සහ කොටස් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 83 ක විදේශ ආයෝජන රටින් පිටතට ගලා ගොස් ඇත.
ජනප්‍රිය පුවත්  අද නිදහස් උළෙල දැකලා අභිමානයක් වෙනුවට ඇති වුණේ ලැජ්ජාවක්!

🛑 බදු මුදල්වලින් භාණ්ඩාගාරය පිරවීම රටේ සංවර්ධනය අඩාල කරන්නේ කෙසේද…?

ජනතාවගේ සහ ව්‍යාපාරවල පරිභෝජන ශක්තිය බදු හරහා උදුරාගෙන, ඒවා භාණ්ඩාගාරයේ රුපියල් ලෙස රඳවා තබා ගැනීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට නව තාක්ෂණය සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් බැංකු පද්ධතියෙන් සොයාගත නොහැකි වේ.

රටේ යටිතල පහසුකම් (පාරවල්, වරාය, විදුලිබල පද්ධති) සංවර්ධනය සඳහා රජය කරන ආයෝජන (Capital Expenditure) මුළුමනින්ම නැවතී ඇත.

ප්‍රතිඵලය වන්නේ විදේශීය ආයෝජකයින් (FDI) ලංකාව මඟහැර වියට්නාමය, ඉන්දියාව හෝ බංග්ලාදේශය වැනි රටවලට සංක්‍රමණය වීමයි.

ඩොලර් අර්බුදයට සැබෑ ආර්ථික විද්‍යාත්මක විසඳුම කුමක්ද..?

භාණ්ඩාගාරයේ රුපියල් එකතු කිරීම ව්‍යාජ ආර්ථික ස්ථාවරත්වයක් පෙන්වීමකි. සැබෑ විසඳුම ඇත්තේ මෙතැනය.

අපනයන මූලික වර්ධනය (Export-led Growth) හෙවත් ඇඟලුම්, තේ සහ තොරතුරු තාක්ෂණ (IT) වැනි සාම්ප්‍රදායික නොවන අපනයන ක්ෂේත්‍ර දියුණු කර ණය නොවන ඩොලර් ආදායම් මාර්ග සකස් කිරීම.

සංචාරක සහ ප්‍රේෂණ දිරිගැන්වීමෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ (Remittances) නිල බැංකු පද්ධතිය හරහාම ගෙන්වා ගැනීමට පවතින බාධක සහ බදු ලිහිල් කිරීම.

ද්විපාර්ශ්වික සහ ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට (International Capital Markets) නැවත පිවිසීමට ඇති මාවත විවෘත කර ගැනීම.

“රටක් බංකොලොත් භාවයෙන් මුදවා ගත හැක්කේ බදු ගසා භාණ්ඩාගාරයේ රුපියල් පිරවීමෙන් නොව, ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි ඩොලර් සංචිත ශක්තිමත් කිරීමෙන් පමණි..

ආර්ථික විද්‍යාවේ මෙන්න මේ සරළම න්‍යායන්වත් තේරුම් නොගෙන භාණ්ඩාගාරයෙ අච්චර සල්ලි තියෙනවා මෙච්චර සල්ලි තියෙනවා යැයි පවසමින් උදම් ඇනීම වල්ලට සමාජ රෝගයක් හැදිලා වල්ල කුණු වෙද්දී බෙල්ලෙ තැල්ලක් බැඳගෙන උජාරුවෙන් සිටීමක් නොවන්නේද…?

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x