July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂය විරුද්ධ වෙන්නේ අපේ ප්‍රගතිශීලී වැඩවලට. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමට ජනතාවගෙන් 90%ක් එකඟයි – ලාල්

1 min read

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට ජනතාවගෙන් 90%ක්ම එකඟ බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.


“විපක්ෂය බොහෝ දේවල්වලට විරුද්ධ වෙනවා නම් ඒකෙන් ජනතාවට තේරුම් ගන්න පුළුවන් ‘ආ එහෙනම් මේ ආණ්ඩුව කරන්න යන්නෙ ප්‍රගතිශීලී දෙයක්’ කියලා. දැන් අපේ රටේ එක කාලයක් විශ්‍රාම වයස අවුරුදු 55 යිනෙ. දැන් 60 යිනෙ. ඒ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් නම් 90% ක් විතර මේක කරන්න ඕනෙ කියන පැත්තේ ඉන්නේ”


කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර නගරයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x