July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකට

1 min read

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා පවසයි.

අජිත්. පී. පෙරේරා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් කරනු ලැබීය.

මේ අතර බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමටද විපක්ෂය පසුගියදා පියවර ගත්තේය.

අප්‍රේල් 10 වනදා ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ඒ අනුව පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එවක බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

ජනප්‍රිය පුවත්  ඉන්ධන මිල සූත්‍රයට ආණ්ඩුව කොකා පෙන්නයි…!

එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි.

තවද අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිවද ඉකුත් ජනවාරි මාසයේදී විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට සූදානමක් පැවතුණි.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන් හරිනි අමරසූරියට එරෙහිව මෙලෙස විශ්වාසභංගය යෝජනාවක් ඉකුත් ජනවාරි 07 වනදා විපක්ෂය අත්සන් කර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x