July 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී

1 min read

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසියට ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර ඔහු සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමද සිදු කළේය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 24වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කර ඇත.

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x