July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රෙඩිට් කාඩ් ණය නොනවත්වා ඉහලට!

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම නිල දත්ත අනුව, මෙම වසරේ (2026) මුල් මාස කිහිපය තුළ ක්‍රෙඩිට් කාඩ් ණය සහ භාවිතය විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

2025 දෙසැම්බර් අවසානයේ දී රුපියල් මිලියන 189,706 ක් ලෙස පැවති සමස්ත ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය, 2026 අප්‍රේල් වන විට රුපියල් මිලියන 200,019 ක් දක්වා ඉහල ගොස් තිබේ. එය රුපියල් මිලියන 10,313 ක ඉහළ යාමකිි.

මේ වසරේ මුල සිට අප්‍රේල් අග දක්වා මාස 4 ක කාලය තුළ අලුතින් සක්‍රිය වූ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය ද 62,666 කින් වැඩි වී තිබේ. ඒ අනුව සමස්ත සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇත.

ජීවන වියදම උග්‍ර ලෙස ඉහල යාම හමුවේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් සහ භාණ්ඩ මිල දී ගැනීම් පියවා ගැනීමට ජනතාව වැඩි වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මත යැපීමට පෙලඹීම මේ සඳහා බලපා තිබෙන ප්‍රධාන හේතුව වේ.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත සංශෝධනයත් සමඟ, වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ්පත් මත අයකරන වාර්ෂික ‍පොලී අනූපාතය 26% සිට 28% දක්වා (2026 ජූලි 01 සිට ක්‍රියාත්මක වන පරිදි) ඉහල දමා තිබේ. ණය මුදල් නිසි වෙලාවට නොපියවා දිගින් දිගටම පවත්වාගෙන යාම විසින් ද මෙම ණය බර ඉහල ගොස් ඇත.

ජනප්‍රිය පුවත්  ජනපති නිසා ප්‍රමිෂ්කා සහ සැමියා අතර ගෝරි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x