විනිසුරු දඩයමට පැලවත්තේ සාකච්ඡා!
1 min read
දේවගැති, අගවිනිසුරු සූරසේන රැකගැනීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) සවස පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේ දී පවත්වා තිබේ. ජනාධිපති අනුර කුමාරගේ උවමනාව මත පවත්වා ඇති මෙම සාකච්ඡාවට උතුරු මැද ආණ්ඩුකාර, හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස සහ උග්ර ජ.වි.පෙ. හිතවාදියකු වූ කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
මෙහිදී සාකච්ඡා වී ඇත්තේ අධිකරණ සේවා සංගමයේ මහාසභාවට සහභාගි වූ සහ එහි කැපීපෙනෙන කටයුතු කළ විනිසුරුවන් සම්බන්ධයෙන් ගත යුතු පියවර ය.
ජ.වි.පෙ. ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මූලිකත්වය ගෙන ඇති මෙම සාකච්ඡාවේ දී වසන්ත ජිනදාස පෙන්වා දී ඇත්තේ, මහාසභාවට සහභාගි වූ තෝරාගත් විනිසුරුවන් කිහිපදෙනෙකුගේ හෝ වැඩ තහනම් කළ යුතු බවය. ඒ සඳහා වහාම ක්රියා නොකලහොත් විනිසුරුවරුන්ගේ පාලනය ගිලිහෙන බව ද ඔහු විසින් පෙන්වා දී තිබේ.
පුරා පැය 2 කට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාව අවසන් කර ඇත්තේ, තෝරාගත් විනිසුරුවරුන්ගේ නාමලේඛණය සකසා අගවිනිසුරු, දේවගැති සූරසේනට එය ලබාදීමේ වගකීම පසන් අමරසේනට පවරමිණි.
- ධනුජය දිසානායක
