July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගිනි අවියක් සමග අම්බලන්ගොඩ ප්‍රා.ස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

1 min read

සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රිපිටර් වර්ගයේ (Repeater Gun) ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේය.

මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම එය යම් අපරාධ ක්‍රියා සඳහා භාවිත කර ඇද්දැයි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කිත්සිරි ජයලත් සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x