July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ විනිසුරුවන්ගේ මහා සභාවෙන් ජනපති හෙල්ලෙයි !

1 min read

දහසකුත් බියගැන්වීම්, තර්ජනයන් මැද අද (11) පැවැති අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම සාර්ථකව පැවැත්වීමත්, එහි පැමිණි එම සංගමයේ සාමාජිකයන් විසින් අගවිනිසුරු, දේවගැති සූරසේනගේ විශ්‍රාම යන වයස දික් කිරීමේ වෑයමට එරෙහිව යෝජනාවක් ඒකමතිකව සම්මතකර ගැනීමත් ගැන ජනාධිපති අනුර කුමාර බලවත් විමතියට හා භීතියට පත්ව සිටිතැයි අපගේ ආරංචි මාර්ග වාර්තා කර සිටී.

මෙහි ජුගුප්සාජනක කාරණය වී ඇත්තේ පසුගිය දිනවල එම මහාසභාව කඩාකප්පල් කිරීමට විවිද අයුරින් විනිසුරන් බියගැන්වීමේ නිරතව සිටි දේවගැති සරණගිය විනිසුරන් පස්දෙනාගෙන් ඇතැමෙකු ද මෙම මහාසභාවට සහභාගි වී බලපෙරේත පිස්සු සූරසේනට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය ඵළ කර තිබීමයි. මේ සඳහා වන හොඳම උදාහරණය වන්නේ ගල්කිස්ස දිසා අධිකරණයේ දිසා විනිසුරුවරියක ලෙස ක්‍රියාකරන මාලනී ඔගස්ට්‍රා පෙරේරා ය.

එම විනිසුරුවරිය ද මෙකී මහාසභාවට සහභාගි වී සිය ඡන්දය ද පිස්සු සූරසේනට එරෙහිව ලබා දී තිබේ. මීට අමතරව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ද මෙම මහාසභා රැස්වීමට සහභාගි වී ඇත. දඬුවම් මාරු, වැඩතහනම් කිරීම් වැනි පීඩාකාරී තීන්දුවලට ගොදුරු වීමේ අවධානම නොතකා මෙම මහාසභාවට පැමිණි විනිසුරුවන් පෙන්වා ඇති එඩිතර බව ජනාධිපති අනුර කුමාරගේද විමතියට හේතු වී තිබේ. මෙම මහාසභාව පිටුපස සිටි “මහමොළකරු” කවුදැයි සෙවීමට රාජ්‍ය බුද්ධි අංශ වලට ද නියෝග කර ඇතතේ, එවැනි භාහිර පෙළඹවීමකින් තොරව මෙවැනි සාර්ථක මහාසභාවක් පැවැත්වීමට නොහැකිය යන විශ්වාසය මත ජනාධිපතිවරයා සිටින බැවිණි.

ජනප්‍රිය පුවත්  පොලිස්පති හොරෙක්! පොලිස් පරීක්ෂක කියයි!

පරිවාස කාලය තුළ විනිසුරු භූමිකාව ඉටු කරන කිසිවකු මෙම මහාසභාවට සහභාගි වී නැත්තේ, ඒ හේතුව මතම තමන්ගේ වෘත්තීය ස්ථිර නොවනු ඇත යන භීතිය හේතුකොටගෙනය.

එමෙන්ම, නිවාඩු දිනක වුවත් පැය 24 ම තම අධිකරණ බල ප්‍රදේශය තුළ රැඳී සිටීමේ වගකීමක් විනිසුරුවරුන්ට ඇති බැවින්, මෙම මහාසභාව සඳහා සහභාගි වී ඇත්තේ මෑත ප්‍රදේශවල අධිකරණ විනිසුරන් පමණි. මහාසභාව පවත්වනු ලබන ස්ථානය පවා අහිමි කරමින් කරන ලද දේවගැති පිස්සු සූරසේනගේ වියරු මර්දනය නොතකා විනිසුරුවන් සහභාගිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වී තිබේ.

මේ අතර, අධිකරණ සේවා සංගමයේ හිටපු සභාපති, ජ.වි.පෙ. නාට්ටාමියකු වූ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන, සූරසේන පිස්සාගේ නිවට ගැත්තකු වූ පසන් අමරසේන ඊයේ සිය ඉල්ලා අස්වීම සදහා නිකුත් කරන ලද ලිපිය කෙටි වේලාවක් ඇතුලත භාහිර සමාජය සතු වූයේ කෙසේද යන ප්‍රශ්නයට මුහුණ දී සිටිතැයි වාර්තා වේ.

එක්තරා විනිසුරුවරයකුගේ කාර්යාල පරිශ්‍රය තුල පරිගණක අකුරුගත කළ එම ලිපිය සකසන අවස්ථාවේ දී එහි සිට ඇත්තේ තිදෙනකු පමණි. එවන් තත්ත්වයක් තුළ එය ක්ෂණිකව භාහිර සමාජයට නිරාවරණය වූයේ කෙසේදැයි මේ වන විට විමසා බලමින් සිටි.

ජනප්‍රිය පුවත්  රෝගී ජීවිත බිල්ලට! ජයතිස්සට එරෙහිව නඩු පිට නඩු!

අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් මේ අන්දමට දෙන ලද බලවත් අධිෂ්ඨානය හමුවේ, ජනාධිපති අනුර කුමාරට සූරසේන පිස්සා තවදුරටත් අගවිනිසුරුධූරයේ තබාගැනීමේ උත්සාහය අත්හරිනමෙන් වන අභ්‍යන්තර පීඩනය උග්‍ර වී තිබේ. අපගේ ආරංචිමාර්ග අනුව මේ වන විට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද ඉන්නේ එම ස්ථාවරයේ ය.

– කාලිංග තිසේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x