July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

CSN අළුතෙන් එයි !

1 min read

ආන්දෝලනාත්මක රූපවාහිනී නාලිකාවක් වූ CSN රූපවාහිනී නාලිකාව නව නාමකරණයක් යටතේ යළි සිය විකාශණ කටයුතු ඇරඹීමට සූදානම් වන බව වාර්තා වේ. මෙය යෝෂිත රාජපක්ෂට අයත් රූපවාහිනී නාලිකාවකි.

වඩාත් සිත් ගන්නා සුළු කරුණ වන්නේ, එම නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස ක්‍රියාකරන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ගැත්තකු වූ සෙනේෂ් බණ්ඩාර දිසානායක වීමය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස, ජාතික රූපවාහිනියේ සභාපති බවට පත්කරන ලද්දේ සෙනේෂ් බණ්ඩාර දිසානායකව ය.

මේ වන විට ඔහු චිත්‍රපට අනුමණ්ඩලයේ සභාපතිධූරය දරන අතර, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද ක්‍රියාකරයි.

ජාතික රූපවාහිනියේ සභාපතිධූරය වසරක් පමණ දරා ඔහු එයින් ඉවත් වූයේ වෘත්තීය සමිති සමග කටයුතු කළ නොහැකි බව පවසමිණි. CSN බලපත්‍රය තවමත් පවතින්නේ රාජපක්ෂ පවුලේ හිතවාදියකු වූ රොහාන් වැලිවිට ගෙ නමිනි.

  • දයා ශ්‍රී මධුරපාර –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x