July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂය පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලයි

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් තබා ඇත.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 100කට අධික ප්‍රමාණයක් තුවාල සිදුවු බවත් එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බව ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම කරුණේ ඇති බරපතළකම හා හදිසි ස්වභාවය සලකා මෙලෙස හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී ඇති නමුත් රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x