July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරය යළි ඇවිලේ | ජේලර්ලා 3ක් මරුට

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් තිදෙනෙකු බන්ධනාගාර කාර්යයමණ්ඩලයේ වන බව වාර්තා වේ.

බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබුණි.

ගැටුමෙන් තුවාල ලැබූ 35ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව සඳහන්ය.

ඇතිවු තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින් ද නිලධාරීන් කැඳවීමට කටයුතු කළ බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්යය බළකාය ද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුයුක්ත කර තිබේ. නොසන්සුන් තත්ත්වය පාලනයට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණි. මේ අතර ඊයේ (05) සවස බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන්ද රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු පමණ තුවාල ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x