July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමෙි ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමයේ දැඩි විරෝධයක්

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට ආණ්ඩුව සූදානම්වී පිළිබඳ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දැඩි විරෝධය පළ කර ඇත.

මෙවැනි හදිසි සංශෝධනයක් අත්තනෝමතික මෙන්ම මේ මොහොතේ අනවශ්‍ය ක්‍රියාවක් බව එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.

මෙම තීරණය මගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ මහජන සංවාදයකදී දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

වත්මන් නීති පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම වෙනුවෙන් මෙම වයස් සීමාවන් වෙනස් නොකළ යුතු බවට නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා,

“ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ ස්ථාවරය ලෙස අපි දිගින් දිගටම කියලා තියෙනවා ශ්‍රේෂඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රම යෑමේ වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි. ඒ වගේම මෙම අවස්ථාවේ එවැනි වෙනස් කිරීමක් අනවශ්‍යයි සහ යෝග්‍ය වන්නේ නෑ. එවැන්නක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසයට හානියක් වෙනවා වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ රජයේ කැපවීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා.”

ජනප්‍රිය පුවත්  ඉරානය අඩු මිලට තෙල් දෙන්නම් කියද්දී ආණ්ඩුව ඇයි ඉරානයෙන් තෙල් ගන්නේ නැත්තේ?

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x