July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනගහනයේ නොදත් ඇත්ත

1 min read

ශ්‍රී ලංකාව සහ ලෝකයම මේ මොහොතේ ජනගහන අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා.

බොහෝ වෙලාවට ලෝකය සහ අපේ රට ජනගහන අර්බුධයකට මුහුණ දී සිටිනවා යැයි කියද්දී ඔබට එන අදහස මොකක්ද ?

බොහෝ වෙලාවට එය ‘ලෝකයේ ජනගහනය වැඩිවෙමින් තිබෙනවා. ඊට සමගාමීව සම්පත් අඩු වෙමින් තිබීමේ අර්බුධය’ යැයි ඔබට හිතෙන්නට පුළුවන්.

බොහෝ දෙනෙක් ජනගහන අර්බුධය සම්බන්ධයෙන් දරනා පොදු අදහස එයයි.

චිත්‍රපට වලින් අපට ලබා දෙන පණිවිඩයේ සිට බොහෝ රාජ්‍ය නොවන සංවිධාන, පවුල් සැලසුම් ව්‍යාපාර සියල්ල විසින් ගොඩනගන කතාවත් එයයි.

නමුත් යථාර්තය ඊට වඩා හාත්පසින්ම වෙනස්.

සැබැවින්ම ලෝකය සිටින්නේ සීග්‍ර ජනගහන කඩාවැටීමක් අභියස. ශ්‍රී ලංකාවත් දැඩිව ඒ අර්බුධයට මුහුණ දෙමින් තිබෙනවා.

ඊලගට ඔබ අසන ප්‍රශ්නය ‘ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ජනගහනය දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. එසේ නම් ජනගහන අර්බුධයක් ඇතිවන්නේ කොහොමද?’.

එය තරමක සංකීර්ණ තත්ත්වයක්.

2026 වසරේ දී ලෝක ජනගහනය දල වශයෙන් බිලියන 8.3 යි. මේ වසරේ දී එම අගය තවත් මිලියන 69 කින් පමණ වැඩිවෙතැයි අපේක්ෂා කරනවා.

නමුත් ගැටළුව ඇත්තේ එහි නොවෙයි.

ලෝක ජනගහනය වර්ධනය වූවත්, ඒ වර්ධනය වන වේගය ඉතා සීග්‍රයෙන් කඩා වැටිලා.

ලෝකයේ ඉහළතම ජනගහන වර්ධන වේගය වාර්තා වූයේ 1963 දී. ඒ අගය 2.28% ක්.

2026 දී දැන් එය 0.83% ක් දක්වා කඩා වැටිලා.

එහි සරල අර්ථය දරු උපත් ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා.

සාමාන්‍යයෙන් ජනගහනය පැවතිය යුත්තේ පිරමීඩයක් ලෙසයි.

සෑම විටකම රටක සහ ලෝකයේ තරුණ සහ ළමා ජනගහනය වැඩි විය යුතුයි. ඊට සාපේක්ෂව වැඩිහිටි ජනගහනය අඩු විය යුතුයි.

රටක් දියුණු වීමට නම්, ආර්ථිකය සංවර්ධනය වීමට නම් නිරතුරුවම ළමා සහ තරුණ ජනගහනය වැඩි විය යුතුයි.

වැඩිහිටි ජනගහනය වැඩි වීමේ දී ආර්ථිකය කඩා වැටෙනවා. නිෂ්පාදනය කඩා වැටෙනවා. ශ්‍රම බලකායට වඩා යැපෙන්නන් වැඩිවෙනවා.

නිෂ්පාදනයට වඩා පරිභෝජනය වැඩිවෙනවා.

එක්වරම විශාල ජනගහන අර්බුධයකට රටක් / ලෝකයක් මුහුණ දෙනවා.

අද අප මුහුණ දෙමින් තිබෙන්නේ ඒ ගැටළුවට.

දැනටමත් චීනය, ජපානය වැනි දියුණු රටවල් මේ අර්බුධයට මුහුණ දීලා.

යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ළමා උපත් පහල වැටිලා.

ඉතාම නුදුරේදීම සමස්ථ ලෝකයේ ජනගහන පිරමීඩය අනෙක් පැත්තට, එනම් වැඩිහිටි ජනගහනය වැඩි වන, ළමා සහ තරුණ ජනගහනය අඩු වන දිශාවට කැරකීමට නියමිතයි.

අප ජීවත් වන ශ්‍රී ලංකාවේත් මේ තත්ත්වය එසේමයි.

2026 වසරේ දී ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23.35 ක්.

නමුත් අපගේ ජනගහන වර්ධන වේගය 0.51% ක් දක්වා කඩා වැටිලා.

ජනප්‍රිය පුවත්  පුංචි අබේගේ ලොකු වැඩ!

1960 දශකයේ දී මේ අගය 2.4% ක් පමණ වුණා.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ එක් පවුලකට දරුවන් සිටින අනුපාතය 1.93 යි. (The fertility rate – 1.93 children per woman)

නමුත් ජනගහනය කඩා නොවැටි ස්ථාවරව පවත්වා ගැනීමට නම් අවම වශයෙන් මේ අගය 2.1ක් විය යුතුයි.

2050 දශකය වන විට ශ්‍රී ලංකාව මිලියන 24.8 ක උපරිම ජනගහන අගයට ලඟා වීමට නියමිතයි.

එතැන් සිට ශ්‍රී ලංකාවේ ස්ථිර ජනගහන කඩා වැටීම ඇරඹෙනවා.

මේ දත්‍ත ඉදිරිපත් කිරීමට සිදුවූයේ ජනගහන අර්බුධය පිළිබඳ බොහෝ දෙනෙකුට අදහසක් නොමැති නිසා.

අපට උගන්වා ඇත්තේ, අපට කියා දී ඇත්තේ ජනගහන වර්ධනය ගැටළුවක් කියා මිසෙක, මේ සැබෑ ජනගහන කඩා වැටීමේ අර්බුධය අපෙන් සඟවා තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාව වැනි රටක මේ අර්බුධය ඇති වූ ආකාරය පිළිබඳ ඔබ දැනුවත්ද ?

අප 1960 දශකයේ දී ඉතාම හිතකර 2.4% ක ජනගහන වර්ධන වේගයක් තිබූ රටක්.

අප වැනි රටක් පවා මේ අර්බුධයට මුහුණ දුන්නේ ඇයි ?

සැබැවින්ම එය ආරම්භ වන්නේ ලෝක ගෝලයේ අපට බටහිර දෙසින් ඇති භූමියෙන්.

1970 දශකය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඉදිරි ආර්ථිකමය සැලසුම් නිර්මාණය කරමින් තිබුණා.

එහිදී ඔවුන් තුන්වන ලෝකය මූලික කරගෙන ගොඩනැගෙන භයානක සහ ඇමෙරිකානු පාරිභෝජන ක්‍රමය බිඳ දැමිය හැකි රටාවක් දැක්කා.

මේ රටාව නම් තුන්වන ලෝකයේ රටවල ජනගහනය වර්ධනය වෙමින් තිබෙනවා.

ඇමෙරිකාව රටක් ලෙස යැපුණේ තුන්වන ලෝකයෙන්.

ඇමෙරිකාව ඛණිජ ආනයනය කරන්නේ අප්‍රිකාවෙන්.

ඇමෙරිකාව ඇඟළුම් සහ පාරිභෝගික නිෂ්පාදන ආනයනය කරන්නේ දකුණු ආසියාවෙන්.

ඇමෙරිකාව ලතින් ඇමෙරිකාවෙන් කෘෂි නිෂ්පාදන ආනයනය කරනවා.

මේ නිෂ්පාදන ඇමෙරිකාව මිලට ගත්තේ කුණු කොල්ලයට. එමෙන්ම ඔවුන් විසින් අච්චු ගසනා ඔවුන්ගේ ‘ඩොලර්’ ගෙවමින්.

නිෂ්පාදනය කරන රටවලට මේවාට විශාල මුදලක් ලැබෙන බව පෙන්වූවත්, සැබෑ ලෙසම එම රටවල සම්පත් සහ ශ්‍රමය ඇමෙරිකාව විසින් සූරා කනු ලැබූවා.

කිසිලෙසකින් හෝ තුන්වන ලෝකයේ රටවල ශ්‍රමයට නිසි වටිනාකම ගෙවනු ලැබූවේ නැහැ.

අදටත් ඇමෙරිකාවේ මිනිස් පැයක වටිනාකම සහ තුන්වන ලෝකයේ මිනිස් පැයක වටිනාකම අතර විශාල පරතරයක් තිබෙනවා.

ඇමෙරිකාව මුහුණ දුන් ගැටලුව වූයේ, මේ රටවල ජනගහනය වර්ධනය වෙමින් තිබීමයි.

ඉන්පසුව මේ රටවල තරුණ පිරිසක් බිහි වෙනවා.

ඔවුන් රැකියා ඉල්ලා සිටිනවා. ඔවුන් ආර්ථිකයෙන් කොටසක් ඉල්ලා සිටිනවා.

සරලවම ඇමෙරිකාව විසින් ඉතාම අඩු මිලට ආනයනය කරමින් තිබූ තුන්වන ලෝකයේ සම්පත්, මේ වැඩිවන ජනගහනය විසින් පාරිභෝජනය කළ හැකියි.

ජනප්‍රිය පුවත්  ධනවාදයේ අවසන් කාර්තුව අරම්භ වෙමින් ඇත!

වඩාත් නරක ලෙසට එම තරුණ ප්‍රජාව විප්ලව, කැරලි ඇති කරමින් ඇමෙරිකානු හිතවත් පාලනයන් පෙරලා දැමිය හැකියි.

එවිට ඇමෙරිකානු ආර්ථිකය සහ පාරිභෝජන රටවා බිඳ වැටෙනවා.

ඇමෙරිකාව මුහුණ දුන් ගැටළුව වූයේ එයයි.
…….. ……….. ………….. …………. …………
1974 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් විසින් රහසිගත විදේශ ප්‍රතිපත්තියක් නිර්මාණය කළා.

NSSM – 200 (National Security Study Memorandum 200) ලෙස හැඳින්වුනු මේ ප්‍රතිපත්තිය, 1975 දී ඇමෙරිකානු ජනාධිපති ජෙරල්ඩ් ෆෝර්ඩ් විසින් එරට නිල විදේශ ප්‍රතිපත්තියක් ලෙස පිළිගත්තා.

මේ විදේශ ප්‍රතිපත්තියේ අඩංගුව තිබුණේ යුද්ධය පිළිබඳව නොවෙයි.

මෙහි තිබුණේ ඇමෙරිකාවට අවශ්‍ය සම්පත්, ආනයන සහ නිෂ්පාදන පිළිබඳව.

NSSM – 200 ඉතාම සරලයි.

ඇමෙරිකා එක්සත් ජනපදය යැපෙන්නේ තුන්වන ලෝකයේ රටවලින් ආනයනය කරන සම්පත් මත.

ආසියාවෙන්, අප්‍රිකාවෙන් සහ ලතින් ඇමෙරිකාවෙන් ආනයනය කරන සම්පත් මත ඇමෙරිකාව යැපෙනවා.

යම් හෙයකින් මේ සම්පත්, නිෂ්පාදන කඩා වැටුණු පසු ඇමෙරිකානු ආර්ථිකයට මරු පහරක් එල්ල වෙනවා.

තුන්වන ලෝකයෙන් ලබා ගන්නා සම්පත් ඇමෙරිකාවට අහිමි වී යා හැක්කේ කොහොමද ?

මේ කලාපයේ ජනගහනය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා.

මෙලෙස මේ රටවල ජනගහනය වර්ධනය වුවහොත්, මේ අලුත් පරම්පරාව මේ සම්පත් පාරිභෝජනය කරනවා.

එවිට ඇමෙරිකාවට එම සම්පත් උකහා ගැනීමට නොහැකි වෙනවා.

එසේ නම් ඊට පිළිතුර කුමක්ද ?

මේ තුන්වන ලෝකයේ රටවල ජනගහනය, ඇමෙරිකාව මැදිහත් වී පාලනය කළ යුතුයි.

එය මෘදුව සහ සෘජුව කළ යුතුයි.

කිසිසේත්ම ඇමෙරිකාව පාරිහෝජනය කරනා නිෂ්පාදන වලට ස්වදේශික රටවලින් තරගයක් ඇති විය නොහැකියි.

හෙන්රි කිසිංජර්ගේ යෝජනාවට අනුව ඇමෙරිකාව විසින් තුන්වන ලෝකයේ රටවල ජනගහන පාලනයට විශාල වැඩසටහනක් නිර්මාණය කළා.

එය අංශ ගණනාවකින් යුක්ත වුණා.

ප්‍රථමයෙන්ම ඔවුන් දකුණු ආසියාතික, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවලට උපත් පාලනය හඳුන්වා දුන්නා.

උපත් පාලන ක්‍රම ශ්‍රී ලංකාවට, ඉන්දියාවට, බංග්ලාදේශයට පැමිණෙන්නේ ඒ අනුව. මූලික වශයෙන්ම US AID වැඩසටහන යටතේයි.

(කිසිංජර්ගේ මූලික සැලසුමේ රටවල් 13ක් තිබුණා. ඒ අතර ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය් තිබූ නමුත් ශ්‍රී ලංකාව අයත් වුණේ නැහැ.

නමුත් නිරාසායෙන් එම වැඩසටහන ශ්‍රී ලංකාවටත් හඳුන්වා දුන්නා. මන්ද ශ්‍රී ලංකාව කලාපීය රටක් වීමත්, ශ්‍රී ලංකාවත් ඇමෙරිකානු නිමි ඇඳුම් සහ භාණ්ඩ නිෂ්පාදනයට ප්‍රවිශ්ඨ වීමත් නිසයි)
ඒ සඳහා බලහත්කාරය යොදා ගැනීමටත් ඇමෙරිකාව කටයුතු කළා.

ඒ අනුව US AID ආයතනයෙන් මේ රටවලට ආධාර ලෙස ආහාර ලබා දුන්නා.

ඇමෙරිකාව විසින් මේ ආහාර ආධාර ලබා දුන්නේ , ඇමෙරිකාව විසින් හඳුන්වාදෙන උපත් පාලන ක්‍රමවේද පිළිගන්නා රටවලට පමණයි.

ජනප්‍රිය පුවත්  රෝල්ස්රොයිස් සහ ජෙට් යානා රටක දුප්පත්කම: වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්!

එපමණක් නොවෙයි ඇමෙරිකානු ණය ආධාර සඳහා ද මේ වැඩසටහන ගැට ගැසුවා.

යම් රටක් ඇමෙරිකානු ණය සහ ආධාර ලබා ගැනීමට නම් සිය රට තුළ උපත් පාලන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට ලබා දෙන පුහුණු වලටත් ‘උපත් පාලනය’ ඇතුළත් කළා.

ඊට සමගාමීව පවුල දුර්වල කරන, කාන්තාව ‘මව’ තත්ත්වයෙන් ඉවත් කරන දේශපාලනික මතවාද ද මේ වැඩසටහනෙන්ම හඳුන්වා දුන්නා.

කාන්තා සංවිධාන, කාන්තාව පවුල වෙනුවට රැකියාව තෝරා ගත යුතුය වැනි සංකල්ප නිර්මාණය කරමින් සමාජයට එන්නත් කළා.

මේ සියල්ල NSSM- 200 පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් වෙනවා.

ඒ සියල්ල සිදු කළේ US AID වැඩසටහන මගින්.

දශක කිහිපයකට පසු හෙන්රි කිසිංජර්ගේ වැඩසටහන සාර්ථක වුණා.

තුන්වන ලෝකයේ රටවල ජනගහන වර්ධන වේගය කඩාවැටුණා.

එම රටවල සම්පත් වලට ඇතිවන තරගය අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයට හැකි වුණා.

එම අරමුණ සාර්ථක වූ පසු 1989 දී ඇමෙරිකාව විසින් රහසිගත NSSM-200 ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කළා.

දැන් එය ඕනෑම අයෙකුට අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කළ හැකියි.

වරෙක ඉතාම මානූෂීය, ශිෂ්ඨ සහ උසස් සංකල්පයක් ලෙස අපට හඳුන්වා දුන් උපත් පාලන සංකල්පය පසුපස අප ශිෂ්ඨ කිරීමේ අරමුණක් හෝ තුන්වන ලෝකයේ කාන්තාවට විමුක්තිය සහ නිදහස දිනා දීමේ අරමුණක් තිබුණේ නැහැ.

එය හුදෙක්ම ඇමෙරිකාවට තුන්වන ලෝකයේ සම්පත් සහ නිෂ්පාදන ඉතාම අඩු ප්‍රාග්ධනයකට සූරා කෑම උදෙසා නිර්මාණය කළ සූක්ෂම උපක්‍රමයක් පමණයි.

අදටත් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර දරුවන් පිළිබඳ තිබෙන්නේ ඉතාම මන්දෝත්සාහී අදහසක්.

එමෙන්ම දරුවන් දෙදෙනෙකුට වඩා බිහි කිරීම ‘සෘණාත්මක’ අදහසක් ලෙස අප සමාජයේ පැල වී තිබෙනවා.

ඒ පසුපස සමාජයේ තැන්පත් කළ දේශපාලන සහ සමාජීය මතවාද තිබෙනවා.

එමගින් අපට පාඩම් කිහිපයක් උගත හැකියි.

පළමුවැන්න, බොහෝ දියුණු රටවල් කල්පනා කරන සහ සිතන ආකාරය.

ඔවුන් අපට වඩා පියවර ගණනාවක් ඉදිරියට සැලසුම් කරනවා.

ඔවුන්ගේ බොහෝ ‘උපකාර’ , න්‍යායපත්‍ර සහිත උගුල් මිසෙක සැබෑ ලෙසම ‘උපකාර’ නොවෙයි.

දෙවැන්න, අප සත්‍යය සහ විද්‍යාව ලෙස දකින ඇතැම් දෑ සහ සත්‍යය සහ විද්‍යාව ලෙස අපට උගන්වා තිබෙන ඇතැම් දෑ සත්‍යය හෝ විද්‍යාව නොවෙයි.

එයත් ඇතැම් විටෙක ඒවා අපිට උගැන්වූ උදවියගේම න්‍යායපත්‍රයක් විය හැකියි.

  • Ireshan Siriwardhana –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x