October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාදානයේ සැතපේවා!

1 min read

2030 නිල් බස් එකේ යන්නෙ අනුරද..? ක්‍රීඩා ඇමතිද..? එරාන් වික්‍රමරත්නද…?

2027 මංගල කාන්තා ශූරයන්ගේ කුසලාන (ICC Women’s Champions Trophy) සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යන්න සියලු කාරණා සිදු වෙමින් පවතිනවා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධානතම සහ දැඩිම නීතියක් තමයි, ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව, ස්වාධීනව (Autonomously) ක්‍රියාත්මක විය යුතුයි කියන එක.

ඒ නීතිය පැහැදිලිවම දැන දැනත්, තමන්ගේ දේශපාලන බලය පෙන්වන්න සහ තමන්ට හිතවත් නිලධාරීන්ට තනතුරු බෙදන්න “ක්‍රිකට් පරිවර්තන කමිටු” (Cricket Transformation Committee) සහ අන්තර් කමිටු ගැසට් මඟින් පත් කළේ ජනාධිපතිවරයා සහ ක්‍රීඩා ඇමතිවරයායී.

රටක නායකයෙක් ගන්නා තීරණයක් නිසා රටට කෝටි සිය ගණනක් අහිමි වෙනවා නම් එහි වගකීම කාටද..?

එය වැටෙන්නෙ නොදැනුවත්කම, අදූරදර්ශී බව හෝ අදක්ෂකම නිසා “රාජ්‍ය මූල්‍ය අනිසි කළමනාකරණයටද..?

එයද දූෂණයකි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරාන් වික්‍රමරත්න පත් කිරීමෙ තීරණය ගත්තේ ජනාධිපතිවරයා බව රහසක් නොවේ..

ක්‍රිකට් බෝඩ් එකෙ බලය “අල්ලන්න” ගිහින් රටට එන්න තිබුණ ඩොලර් මිලියන ගණනක් අහිමි වීමෙ අවදානමක් ඇති වෙලා තියෙනවා..

ජනප්‍රිය පුවත්  ජීවත්වීමේ අයිතිය අහිමි කරන ඇසිඩ් වැසි ගෙනදෙන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මේ දේශපාලන අතපෙවීම් එකහෙලා ප්‍රතික්ෂේප කරලා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය අහෝසි කිරීම නිසා රටට අහිමි වෙන සෘජු සහ වක්‍ර මූල්‍යමය පාඩුව පොඩි ගණනක් නෙවෙයි..

අනුරලාගෙ දේශපාලන මුග්ධකම නිසා අපේ රටට නැති වෙන්නට යන මූල්‍ය විනාශය කොපමණක්ද කියා ඔබ දන්නවාද..?

🔴 අපට ICC සත්කාරක සහ සංවිධාන දීමනා (Hosting Fees) සෘජුවම අහිමි වෙනවා..

ප්‍රධාන අයි.සී.සී තරගාවලියක් සංවිධානය කිරීම වෙනුවෙන් ක්‍රීඩාංගණ නඩත්තුව, ආරක්ෂාව සහ දේශීය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ICC ආයතනය විසින් සත්කාරක රටට ඇමරිකානු ඩොලර් මිලියන 02 සිට 08 දක්වා මුදලක් සාමාන්‍යයෙන් ලබා දෙයි.

සත්කාරකත්වය අහිමි වීමත් සමඟ මෙම සම්පූර්ණ මුදල ලංකාවට අහිමි වෙනවා..

🔴 ICC එක පිරිමි සහ කාන්තා තරගාවලි දෙකටම සමාන ත්‍යාග මුදල් (Equal Prize Money) දෙනවා..

සත්කාරක රට විදිහට ශ්‍රී ලංකාවට මේකට කෙලින්ම සුදුසුකම් ලබන්න තිබුණා. හැබැයි දැන් දේශපාලන අතපෙවීම් නිසා සත්කාරකත්වය අහිමි වුණා විතරක් නෙවෙයි, ශ්‍රේණිගත කිරීම් මදි වුණොත් අපේ කණ්ඩායමට තරගාවලියම අහිමි වෙනවා.

සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාවට සෘජුවම සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව අහිමි වීම නිසා, ඔවුන්ට ශ්‍රේණිගත කිරීම් මත තරගාවලියට තේරීමට නොහැකි වුවහොත්, තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් පමණක් ICCයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් 1,250,000 ක අවම සහතිකය මෙන්ම, දක්ෂතා මත දිනාගත හැකිව තිබූ ඩොලර් මිලියන ගණනක ත්‍යාග මුදල් රටට අහිමි වෙනවා..

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 හොරාකාලා රංගව පැටලෙව්ව හැටි!

🔴 වාණිජ සහ විකාශන අයිතීන් (Commercial & Media Rights)

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතීන් (Broadcasting Rights) සහ ක්‍රීඩාංගණ තුළ ප්‍රදර්ශනය කෙරෙන වෙළඳ දැන්වීම් (Sponsorships) හරහා උපයා ගත හැකිව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන ගණනක අතිරේක ආදායම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමි වෙනවා..

🔴 ලෝක කුසලාන මට්ටමේ තරගාවලියක් අහිමි වීම යනු ICCයෙන් ලැබෙන මුදලට අමතරව, විදේශීය සංචාරකයින්ගෙන් රටේ ආර්ථිකයට සෘජුවම එකතු වීමට තිබූ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද අහිමි වීමකි

මේ තරගාවලිය පැවැත්වුණා නම් ලෝකය වටෙන්ම ක්‍රීඩකයෝ, විදේශීය නිලධාරීන්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහ සල්ලිකාර ප්‍රේක්ෂකයෝ දහස් ගණනින් ලංකාවට එනවා.

ඔවුන්ගෙන් අපේ හෝටල්වලට, ප්‍රවාහන සේවාවලට සහ කුඩා ව්‍යාපාරිකයන්ට සෘජුවම ලැබෙන්න තිබුණු ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ආදායම දේශපාලන ගොන්කම නිසා නැති වෙලා යනවා..

මේ මූල්‍ය විනාශයේ සහ ජාත්‍යන්තර අවමානයේ සෘජු වගකීම අනිවාර්යයෙන්ම අනුර සහ ආණ්ඩුව බාර ගත යුතුය..

ICCයේ නිල රීති පැහැදිලිවම දැන දැනත්, තමන්ගේ පුද්ගලික තරහ මරහ පිරිමසා ගන්න සහ ක්‍රිකට් පරිපාලනය තමන්ගේ අතට ගන්න නීති විරෝධී ලෙස අන්තර් කමිටු සහ “පරිවර්තන කමිටු” ගැසට් මඟින් පත් කරපු, ජාත්‍යන්තර නීති නොදන්නා ජනාධිපති, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මේ මූල්‍ය අපරාධයේ පළමු සහ ප්‍රධානතම වරදකරුවන් වෙනවා.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම

ජාත්‍යන්තරය ඉදිරියේ රටේ නම කැත කරපු, ක්‍රීඩිකාවන්ගේ අනාගතය අවිනාශයකට ඇද දමපු, සහ රටට ලැබෙන්න තිබුණු බිලියන ගණනක ආදායම අහිමි කරපු මේ සියලුම දේශපාලනඥයන් සහ නිලධාරීන් මේ මූල්‍ය විනාශයට සෘජුවම වගකිවයුතු වරදකරුවන් ලෙස නම් කළ යුතුයි .

ඔවුන්ගෙන් මේ රටට සිදු වූ පාඩුව අය කරගත යුතුයි…

පෙට්ටි කඩයක්වත් කරපු නැති එවුන්ට රටක් බාර දෙන්න එපා කිව්වෙ ඇයි කියලා දැන්වත් තේරෙනවාද…?

  • නිලන්ත සත්සර ගමගේ✍️
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x