July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජය 120 ට ගත්ත වී 100 ට විකුණනවා.. මෙය වී අලෙවි මණ්ඩල ඉතිහාසයේ ලොකුම පාඩුවයි.. – ජාතික ගොවි එකමුතුව

1 min read

වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල පැරණි වී තොග පිරී පැවතීම හේතුවෙන්, උතුරු සහ නැගෙනහිර පළාත්වල වත්මන් යළ කන්නයේ අලුත් වී අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රමාද වී ඇති බව ජාතික ගොවි එකමුතුව චෝදනා කරයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම ආරම්භ වී තිබුණ ද, ගබඩාවල ඉඩකඩ නොමැතිකම නිසා ගොවීන්ට සිය අස්වැන්න රජයට විකුණා ගැනීමට නොහැකි වී තිබේ. දැනට පවතින වී මෙට්‍රික් ටොන් 120,000න් ටොන් 15,000ක් ඉවත් කිරීම සඳහා රජය ටෙන්ඩර් කැඳවා ඇති නමුත්, එම ක්‍රියාවලිය මන්දගාමී බැවින් ගොවීන්ට තවදුරටත් බලා සිටීමට සිදුව ඇත.

ජාතික ගොවි එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ, රුපියල් 120 බැගින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණය පෞද්ගලික අංශයට රුපියල් 100 බැගින් විකිණීමට සූදානම් වන බවයි. මේ හේතුවෙන් රුපියල් මිලියන 370ක පාඩුවක් සිදුවන අතර, සමස්ත වී තොගයම මෙලෙස විකුණා දැමුවහොත් රජයට සිදුවන මුළු පාඩුව රුපියල් බිලියන 3ක් දක්වා ඉහළ යන බව ඔහු පවසයි. මෙය වී අලෙවි මණ්ඩල ඉතිහාසයේ ලොකුම පාඩුව වන අතර, මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද එම සංගමය තීරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු සමාගමට දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි! – ඇමති බිමල්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x