July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නව චක්‍රලේඛයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට රජයේ පාසල් අහිමි කරලා?

1 min read

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන නවතම චක්‍රලේඛය මඟින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් රජයේ පාසල් වෙත ඇතුල් කිරීමට තිබූ අවස්ථාව අහෝසි කර ඇතැයි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


රජයේ පාසල් වෙත 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන 25/2026 නව චක්‍රලේඛය මඟින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සිය දරුවන් රජයේ පාසල් වෙත ඇතුළත් කරගැනීමට නොහැකි වන පරිදි වංචා සහගතව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සිය නිවේදනය මඟින් පවසන්නේ.


”මින් පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාරි ස්වභාවය මෙන්ම වෙනත් රාජ්‍ය සේවාවන් වල ඇති හිමිකම් නොමැති හේතුව මත විශේෂ කැබිනට් තීරණ අනුව අන්‍ය සේවාවක් සේ සලකා රජයේ පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීමට වෙනත් ප්‍රතිපාදන සලසා තිබුණි. මෙම චක්‍රලේඛයෙන් එම අවස්ථා නොසලකාහැර ඇති අතර වත්මන් ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව ගන්නා ලද මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් රජයේ පාසැලකට ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් අහිමි කොට ඇත.” යනුවෙන් එම නිවේදනයේ දක්වා තිබේ.

ජනප්‍රිය පුවත්  කථානායකට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්!


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් රජයේ පාසැල්වලට ඇතුළත් කිරීම වැළැක්වීමේ යටි අරමුණෙන් පනවා ඇති කොන්දේසි හේතුවෙන් ජාතික තලයේ විභාග රාජකාරි සිදුකරන ඉතා අතලොස්සක් ආචාර්යවරු මෙම තොරතුරු ප්‍රසිද්ධියේ මුදාහැරීම සිදුකළහොත්, සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියම බිඳවැටීම කිසිසේත් වැළැක්විය නොහැකි බවද එම නිවේදනයෙන් දක්වා ඇත.


ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව කෙරෙහි වත්මන් ආණ්ඩුව දක්වන මෙවන් ආකල්ප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම තත්ත්වය කිසිසේත් නොඉවසන බවත් සදාචාර විරෝධී මෙන්ම අනීතික මෙම චක්‍රලේඛය කඩිනමින් අත්හිටුවන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.


මතුවී ඇති ගැටලුවලට කඩිනම් විසඳුමක් නොලදහොත් ,විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සමාන්‍ය අධ්‍යාපනය සදහා දක්වන දායකත්වය, ජාතික තලයේ විභාග ප්‍රශ්නපත්‍ර සකස් කිරීම සහ පිළිතුරුපත්‍ර පරීක්ෂාව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දක්වන දායකත්වය, පාසැල්වල පවත්වනු ලබන වැඩමුළු, ඇතුලු සමාන්‍ය අධ්‍යාපනයට සම්බන්ධ සියලු කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවීම කෙරෙහි අවධානය යොමුකොට ඇති බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x