July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවෙන් පවුල් 425,000 ක් අද සිට ඉවතට

1 min read

අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටි පවුල් හාර ලක්ෂ විසිපන්දහසක් පමණ අද (30) සිට එම ලැයිස්තුවලින් ඉවත් කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කළේය.
මෙලෙස ඉවත් කරනු ලබන්නේ 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව දිළිඳු භාවයට පත්ව සිටි පවුල් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අස්වැසුම ලැයිස්තුවේ ‘ආන්තික කණ්ඩායම’ ලෙස නම් කර සිටි මොවුන් පසුගිය දෙසැම්බර් මාසයේදී ඉවත් කිරීමට නියමිතව තිබුණද, දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය සලකා බලා ඔවුන්ට තවත් මාස හයක කාලයක් ලැයිස්තුවේ රැඳී සිටීමට රජය අවසර දී තිබුණි. මෙම පිරිස මෙතෙක් රුපියල් පන්දහසක මාසික ප්‍රතිලාභ දීමනාවක් ලබාගත් පිරිසකි.
මීට ප්‍රථම අස්වැසුම ලැයිස්තුවේ සිටි ‘සංක්‍රාන්තික කණ්ඩායමේ’ පවුල් ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් ද එම ලැයිස්තුවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ අද දින සිදුකෙරෙන මෙම සංශෝධනයත් සමඟ අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවේ දැනට ඉතිරිව සිටින්නේ අන්ත දිළිඳු සහ දිළිඳු කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ දහතුනක් පමණක් බවයි. එම පිරිස අතරින් ලක්ෂ නවයකට වැඩි පිරිසක් අන්ත දිළිඳු කාණ්ඩයට අයත් වන අතර, ලක්ෂ හතරකට වැඩි පිරිසක් දිළිඳු කාණ්ඩයට ඇතුළත් වේ.
රජයේ වත්මන් ප්‍රතිපත්තිය අනුව අන්ත දිළිඳු පවුල් සඳහා රුපියල් 17,500ක දීමනාවක් ද, දිළිඳු පවුල් සඳහා රුපියල් දස දහසක දීමනාවක් ද ගෙවනු ලැබේ.

ජනප්‍රිය පුවත්  අනුරගේ ජනාධිපති ලේකම්ගේ වාහනය නෝනා හැප්පීම ගැන කෝ පරීක්ෂණ ?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x