July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළට

1 min read

වෙනිසියුලාවේ සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 2,980ක් පමණ වන අතර තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරව ඇති බවට සැක පළ කරන බවය.

එමෙන්ම මීට පෙර නිකුත් කළ නිල වාර්තාවලින් දැක්වුණේ පුද්ගලයන් 235දෙනෙකු මියගොස් 4,300දෙනෙකු තුවාල ලබා ඇති බවය.

කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් පිරිසක් ද වන බව වාර්තා වේ.

වෙනිසියුලාවේ රැදී සිටි ස්පාඤ්ඤ ජාතිකයින් තිදෙනෙකු භූකම්පනයෙන් මියගොස් ඇති එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇති අතර තවත් 99දෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව ද ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව පෘතුගාල ජාතිකයින් 9දෙනෙකු, බ්‍රසීල ජාතිකයින් දෙදෙනෙකු, චීන ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු, භුකම්පනයෙන් මියගොස් ඇති බව එම රටවල තානාපති කාර්යාලය විසින් තහවුරු කර ඇත.

භූකම්පනයෙන් බලපෑමට ලක්වූ වෙනිසියුලාවට සහන සැලසීම වෙනුවෙන් රටවල් කිහිපයකම ආධාර රැගත් කණ්ඩායම් මේ වන විට එරට වෙත ලඟා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනප්‍රිය පුවත්  වසන්ත සමරසිංහගේ නඩුව ඇසූ ගල්කිස්ස මහේස්ත්‍රාත්ට මාරු වීමක් !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x