July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආසන පටි නීතිය අදසිට බලාත්මක කරයි

1 min read

ආසන පටි නීතිය අද (20) සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ඒ අනුව රථ වාහන පැදවීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය වන අතර, අධිවේගී මාර්ගවල ධාවනය කරන්නේ නම් වාහනයේ සිටින සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු වේ.

රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ.

එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබූ අතර, එය ඊයෙන් (19) අවසන් විය.

ඒ අනුව අද සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කළේය.

සාමාන්‍ය මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන බඳ පටිය පැළඳීම අනිවාර්ය වන අතර, අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහනවල රියදුරු හා සියලු මගීන් ආසන බඳ පටි පැළඳිය යුතුය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x