July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගොවියන්ගේ අමාරුව..!

1 min read

මම මේ කතා කරන්න යන්නෙ වී ගොවියාගේ අර්බුදය ගැන නොවේ..

කම්කරුවා, ගුරුවරයා, ගොවියා, රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලම මේ ආණ්ඩුව සමග විරසක වීම පටන් ගෙන ඇත..

සමස්තයක් ලෙස රටක වැඩ කරන ජනතාව සහ පාලක පැලැන්තිය අතර අර්බුද ඇති වීම සාමාන්‍ය දෙයක්..

විශේෂයෙන්ම ධනේශ්වර ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන පාලන තන්ත්‍රයක් තුළ එය වඩාත් සාමාන්‍ය තත්වයක්..

එහෙත් ශ්‍රී ලංකාවේ වසර 76 ක දේශපාලන ඉතිහාසය තුළ 100% ක්ම ගොවියාගේ, කම්කරුවාගෙ ඇතුළු සමස්ත වැඩ කරන මිනිස්සුන්ගේ පාලන ක්‍රමයක් ඇති වූයේ ජාතික ජන බලවේගය ආණ්ඩුවයි..

1956 දි සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු ලෙස ජනතාවාදී ආණ්ඩුවක් බිහි වූවායැයි පැවසුවත් රාජ්‍ය බලය හෙබවූයේ ගල්කිස්ස සාන්ත තෝමස් කොලේජියෙන් සහ එංගලන්තයෙ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියෙ උගත් ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරන ටයි කෝට් වලින් ජාතික ඇඳුමට බැස්ස එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායකය.

ඊට පසුව සාමාන්‍ය ජනතාවගේ නායකයෙක් යැයි විරුදාවලි ලත් රණසිංහ ප්‍රේමදාසගෙ ඇමති මණ්ඩලය සිටි ලලිත්, ගාමිණී, රනිල්, රංජන් විජේරත්න වැනි ප්‍රබල නායකයන් සියල්ලම ඉංග්‍රීසි ලුම්පන් පන්නයෙ නායකයන්ය..

ජනප්‍රිය පුවත්  CID බිඳ වැටීම මතින් පාස්කු ප්‍රහාරයට මගපෑදු "තොරතුරුකරුවන්"

ගොවි පවුලකින් උපත ලැබුවා යැයි ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනගෙ ආණ්ඩුව උග්‍ර දක්ෂිණාංශික ආණ්ඩුවකි..

එහෙත් තඹුත්තේගම රං බණ්ඩාගෙ පුතාගෙ ආණ්ඩුව හරිනි හැර බහුතරයක් මේ පොළොව එක්ක හැප්පුනු, දහඩිය කඳුළු හෙළුව ගොවි, කම්කරු, ගුරුවරුන්ගෙ සහ සාමාන්‍ය රජයෙ සේවකයන්ගෙ දරුවන්ය..

මේ ආණ්ඩුවෙ බහුතරයක් තම තරුණ විය මේ රටේ තැලෙන පෑගෙන පීඩිත පන්තියෙ විමුක්තිය වෙනුවෙන් තම දිවි කැප කොට කැරලි ගැසූ කණ්ඩායමකි..

වැඩ කරන ජනතාව තමන්ගේ පන්තියෙ එවුන්ගෙ ආණ්ඩුවකින් තමන්ගෙ ගැටළු වලට විසඳුම් ලැබේ යැයි සිතීමෙ සම්භාවිතාවය අනිකුත් ආණ්ඩු වලට වඩා ඉහළය..

එහෙත් ජනාධිපතිවරයාගෙ පටන් සියලු මැති ඇමතිවරුන් මේ වන විටත් ඒ ජනතාවගෙ ගැටළු පිළිබදව සිදුකරන උද්දච්ච ප්‍රකාශ බලන විට ඉතිහාසයේ පැවැති කිසිදු ආණ්ඩුවක් ජනතාව කෙරෙහි එසේ අසංවේදි වී නැත.

ඔවුන් වී ගොවියාගේ සහ වී මෝල් හිමියාගෙ සහල් මිල සම්බන්ධ ප්‍රශ්නයේදී ගත්තෙ වී මෝල් මෝල් හිමියන්ගේ පැත්තයි.( ඔවුන් ඉස්සර කියු වී මෝල් මාෆියාව )

ගොවියන්ට කිඹුලා කනවා ඉවසන්නට පුළුවන් උනත් කොහිල කටු ඇනෙනවා ඉවසන්නට අමාරුය.

ජනප්‍රිය පුවත්  කොරෝනා වසංගතය බිල් ගේට්ස් නිර්මාණයක් ද?

රටේ ජනාධිපති තඹුත්තේගමය, රටේ කෘෂිකර්ම ඇමති අනුරාධපුරයේය, රටේ වෙළෙඳ ඇමතිවරයා තඹුත්තේගමය, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා කුරුණෑගලය. සියලුම දෙනා ගොවි ජනපද වල ඉපදුණ ගොවි දුක හඳුනන උන්ය…

පසෙක ගොවියාගේ අස්වැන්න ගෙදර පුස් කද්දි වී ආනයනය කරන වෙළෙඳ ඇමතිවරයෙක්ය.

තවත් පසෙකින් අකාර්යක්ෂම කෘෂිකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමතිය..

මොවුන් ගොවියා කෙරෙහි මෙසේ සංවේදී නොවන්නෙ කෙසේද…?

අද අනුරලාගෙ හිත් සංවේදී වන්නෙ ධම්මිකට, ඉෂාරට, ඩඩ්ලිට විතරක්ද…?

තමන්ගෙ මුළු ජීවිතයම දුක් විඳින ජනතාවට විමුක්තියක් උදා කරන අරමුණෙන් කැප වූ අනුරලා වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ සුපිරි ධනේශ්වර පැලැන්තියේ වෙස් ගත්තෙ කොහොමද…?

අනුරලා, ලාල්කාන්තලා, වසන්තලා, නාමල් කරුණාරත්නලා දුක් විඳින ජනතාව වෙනුවෙන් මඩ කාගෙන, ගොයම් ගස් කමින් සිදු කලේ රංගනයක් ද…?

එසේ සිදු කළේ රංගනයක් නම් අනුරලාගෙ හෙට දවස එතරම් යහපත් නොවනු ඇත..

ඒ මක් නිසාද යත් තමන්ගෙ යැයි සිතාගෙන සිටින මිනිසුන් අරින ඇරිල්ල පිට මිනිහෙක් තමන්ට ඇරියා යැයි සිතන සිතුවිල්ලට වඩා බියකරුය.

හැඟීම් සමග කරන සෙල්ලම එච්චර හොඳ නැත.

ජනප්‍රිය පුවත්  “ හැලෝවින් “ බෞද්ධයෝ සහ ඔගස්ටින් ලා

නාමල් කරුණාරත්නලා, ලාල්කාන්තලා දැන් හැසිරෙන්න ගොවියන් සමග ද්වේශසහගතවය. ඔවුන්ගෙ ප්‍රකාශ එතරම් උද්දච්ඡය, වෛරීසහගතය.

ජනතාව රවටා පාලන බලය ගත් උන් සහ උන්ගෙ ඉච්ඡා බස් වලට රැවටී චන්දය දුන් උන් අතර ගැටුම පට්ට ෆන්ය. අප එය නරඹමින් අත්පොඩි ගසා ආතල් ගන්නා උන්ය.

ඔහොම යමු හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටය..

ගොවියන්ට දැන් පුග් ගැට්ට ගොඩක් දැවිල්ල නම් ඊසි ජෙල් එකක් දීමට අපට හැකිය.. අපට මේ මොහොතේ කළ හැක්කෙ එපමණය..

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x