දින 16 ක විදුලිය හිඟයක් !
1 min read
මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 142 බැගින් ගෙවීමේ පොරොන්දුව මත මෙරටට පැමිණි, නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සහිත “Ana Ocean” නැමැති නැව ඊයේ (16) ඉන්දියාව බලා ගොස් තිබේ. මෙයට පෙර පැමිණි “YASA SUN” නැව ද මෙතෙක් ගල් අඟුරු ගොඩ නොබා නැංගුරම්ලාගෙන සිටී. සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට මහා භාණ්ඩාගාරය සතුව ඇමරිකන් ඩොලර් නොමැති වීම මත මෙම තත්වය උද්ගතව ඇතැයි “ෆී ලෝයර්ස්” සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
මේ හේතුව මත ගල් අඟුරු වෙනුවට, තුන් ගුණයකටත් වඩා වැඩි ඩීසල් භාවිතා කර විදුලිය නිපදවීමට සිදුවුවහොත් පොදු ජනතාව මත තවත් අධික බරපැටවීමක් බවට එය පත් වේ.
“ෆී ලෝයර්ස්” සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න සහ නීතීඥ අතුල ද සිල්වා පෙන්වා දෙන්නේ, ගල් අඟුරු නැව් හරවා යැවීමට සිදුවීම මත ලබන සැප්තැම්බර් මස දින 16 ක විදුලිය සැපයීමේ අර්බුදයක් ඇතිවනු ඇති බවයි.
මේ වන විට අධික මිල ගෙවා ගොඩ බා ඇති ගල් අඟුරු ද ප්‍රමිතියෙන් බාල තත්වයේ පවතින බැවින් අපේක්‍ෂිත විදුලිය ප්‍රමාණය ඒවායෙන් ද ජනිත කිරීමට නොහැකි වී තිබේ.
- නිශාන්ත වාසලමුදලි –
