අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය නිරයක්…!
1 min read
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.
තමන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් සුරේෂ් සලේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සුරේෂ් සලේගේ පෞද්ගලික නිතීඥවරයා ඔහුව බැලීම සඳහා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව කියවෙයි.
තමන් නැවත අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති අතර එම ස්ථානය නිරයක් බවත් සුරේෂ් සලේ ප්‍රකාශ කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමන් සමග පෞද්ගලික වෛරයක් පවතින බවත් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙයි.
එම නිස සිය උපවාසය අත්නොහරින බවයි ඔහු නීතිඥවරයාට දැනුම් දී ඇත්තේ.
