June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තමිල්නාඩුවේ ධීවර තහනම ඉවරයි… ඉන්දීය ටෝලර් යාත්‍රා 2000 ක් උතුරු මුහුද සීමාව… ඇතැම් යාත්‍රා උතුරු මුහුද ආක්‍රමණය කරයි….

1 min read

තමිල්නාඩුවේ ධීවරයින්ට පනවා තිබූ මාසයක ධීවර තහනම ඉවත් කිරීමත් සමඟම ඉන්දීය ටෝලර් යාත්‍රා 2000ක් පමණ ඊයේ (16) දා සවස සිට උතුරු මුහුදු තීරයට ආසන්නයේ මසුන් මැරීමේ කටයුතුවල නිරත වී තිබේ.

සෑම වසරකම මසුන් බෝවීම පිණිස මාසයක කාලයකට ධීවරයින්ට මසුන් මැරීමේ කටයුතු තහනම් කෙරෙන අතර, එම කාලය තීරණය කරනු ලබන්නේ මත්ස්‍ය බිත්තර පුපුරා මත්ස්‍ය පැටවුන් බිහිවන කාලය පදනම් කරගනිමිනි.

මේ වසරේ ද එම කාලය මැයි මාසයේ 15 වැනිදා සිට ජූනි මාසයේ 15 වැනි දින දක්වා නම් කොට තිබූ අතර, තහනම් කාලය ඉවත් වීමත් සමඟම සුපුරුදු ලෙස ඇතැම් ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක්‍රමණය කරමින් ටෝලර් යාත්‍රා උපයෝගී කරගෙන මසුන් මැරීමේ කටයුතු වල නිරත වෙයි.

කෙසේ නමුත් මෙවර මැතිවරණයේදී තමිල්නාඩුවේ මහ ඇමතිවරයා වශයෙන් තලපති විජේ පත්වීමත් සමඟම, තමිල්නාඩු ධීවර සංගමයේ ප්‍රධානියා වන අන්නලිංගම් අන්නා රසා ඇතුළු පිරිසක් මහ ඇමතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මේ මාසයක කාලයක් පවතින ධීවර නීතිය නිසා ඉන්දීය ධීවරයින් දැඩි අපහසුතාවයකට පත්වන බැවින් එම නීතිය මදක් ලිහිල් කොට දෙන ලෙසය.

ජනප්‍රිය පුවත්  හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව යයි.

තමන් මේ පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවත්, ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර අවම කිරීමට සාකච්ඡා කරන බවත් නව මහ ඇමතිවරයා එහිදී ඉන්දීය ධීවර නායකයින්ට පොරොන්දු වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x