June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතානායකගේ සහෝදරයාත් ආණ්ඩුවට එරෙහි විරෝධතාවට පාරට බසී..

1 min read

මින්නේරිය ගොවි ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක නියෝජිතයින් එක්ව වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා හිඟුරක්ගොඩ නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය. මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ බාල සහෝදරයා වන, මින්නේරිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහානාම මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

විරෝධතාවය අමතමින් බන්දුල මහානාම මහතා අවධාරණය කළේ, මෙම රජය බලයට පත් කිරීමට ඡන්දය ලබා දුන් ගොවි ජනතාව අද පාරට වැටී සිටින බවත්, ඔවුන්ගේ ඉල්ලීම් අතිශය සාධාරණ බවත්ය.

තවත් ගොවි නායකයන් එහිදී පැවසූයේ “අපි හිතුවේ නැහැ මෙච්චර ඉක්මනින් අපිට මේ ගොවියෝ පාරට බස්සවන්න වෙයි කියලා,” පවසමින් රජයෙන් ඉල්ලා සිටියේ වහාම වී ගබඩා විවෘත කර වී කිලෝවක් රුපියල් 140ක අවම මිලකට මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

පොහොර මිල පහත හෙළීමට රජය වහා මැදිහත් විය යුතු බවත්, අසාර්ථක පාලනයක් ගෙනයන කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x