අමෙරිකානු අවහිරතා ඉවත් කිරීමෙන් පසු හෝමූස් හරහා පළමු ඉරාන තෙල් නැව යාත්‍රා කරයි
1 min read
අමෙරිකානු අවහිරයන් ඉවත් කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් රැගත් පළමු නෞකාව පිටත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැති අවහිරතාවලින් අනතුරුවය.
අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් කරමින් නව අවබෝධතා ගිවිසුමකට එළඹීමත් සමග මෙම අවහිර කිරීම් ඉවත් කර තිබුණි.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.40 දක්වා තවදුරටත් පහත වැටී ඇති බවය.
