June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිගේ ශ්‍රී ලංකන් සභාපති අරන්දරට එරෙහිව ජ.වි.පෙ. අන්තර් සමාගම සටනට බසී !

1 min read

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන සභාපති ලෙස ඩිමාල් අරන්දරව පත්කිරීමට එරෙහිව, ජ.වි.පෙ. ට අයත් ප්‍රබල වෘත්තීය සමිතියක් වන අන්තර් සමාගම් සේවක සංගමයේ එම ආයතනයට අයත් වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් විරෝධය පළ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (14) පවත්වා තිබේ.

එහිදී එම සංගමයේ සභාපති නිසල් අධිකාරි පවසන්නේ, මෙම නව යෝජිත සභාපතිවරයා දූෂණ චෝදනා ලද අයකු මෙන්ම, රාජපක්ෂලාගේ අන්තේවාසිකයකු ලෙස කටයුතු කරන ලද අයකු වන බවයි.

“ඔන්ලයින් එකෙන් ටිකට් එකක් දැම්මට පස්සේ තුන්වැනි පාර්ශවයකට කොහොමද කොමිෂන් එකක් යන්නේ? 2024 සැප්තැම්බර් 21 ට කලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වුන හොරකම් තාම වෙනවානම්, චෙන්නයි වලදී කෝටි 8 1/2 ක් තාම නැති වෙනවානම්, ඒවට වගකියන්න ඕන කෙනෙක් තමයි මේ සභාපති කරන්න යන්නේ” යනුවෙන් අනිල් අධිකාරි වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අනුව පෙනී යන්නේ, ජ.වි.පෙ. ආණ්ඩුකරණ ක්‍රියාවලිය ජනාධිපතිවරයා තම ගජමිතුරු කල්ලිය හරහා සිදුකරන බවත්, ටිල්වින් සිල්වා ප්‍රමුඛ එම පක්ෂයට දැන් එයට බලපෑම් කරගතනොහැකි තත්වයට පත්ව ඇති බවත් ය. ඩිමල් අරන්දර යනු, පසුගිය රාජපක්ෂ පාලන සමයේද ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ හා ඇතැම් අවස්ථාවල වැඩබලන සභාපතිධුරය දැරූ පුද්ගලයෙකි.

ජනප්‍රිය පුවත්  අනුර - ට්‍රම්ප් හමුවේ ඡයාරූපයත් පචයක්!

මේ පිළිබඳව අප කළ විමර්ශනයේදී අණාවරණය වූයේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධානින් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් හමු වී මෙම ප්‍රශ්නය සාකච්ඡා කරන විට, ඊට එරෙහිව ක්‍රියා කරන්නැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ඔවුන්ට ප්‍රකාශ කරන ලද බවය. එම දිරිගැන්වීම විසින් එම වෘත්තිය සමිති නායකයන් මෙලෙස පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තම මතය ප්‍රකාශ කරන ලද බවය. ජනාධිපති අනුර කුමාරගේ හා ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටුම පිටතට පැමිණි අවස්ථාවක් බවට මෙය පත්ව ඇති බව අපගේ දේශපාලන ආරංචිමාර්ග විසින් සනාථ කර තිබේ.

  • දුලාර ගුණතිලක –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x