ඉරාන ගිවිසුමට ට්‍රම්ප් සහ ජේ.ඩී. වෑන්ස් අත්සන් තබයි
1 min read
අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් යන පිරිස විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ඓතිහාසික එකඟතාවයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ.
මෙම ගිවිසුම මඟින් උපායමාර්ගිකව වැදගත් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීමටත්, ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් ප්‍රතිපාදන සැලසේ.
ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
දෙපාර්ශවය අතර පවතින ගැටලුවලට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙම සතියේ අගභාගයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර දේශපාලන අංශ පෙන්වා දෙන්නේ මෙම එකඟතාවය මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
