එක්සත් ජනපද නාවික අවහිරතාවය ඉවත් කර ඇති බව ට්‍රම්ප් කියයි
1 min read
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු ගාස්තුවකින් තොරව විවෘත වන අතර ඇමරිකානු නාවික අවහිරතාවය ද අවසන් වන බවය.
“ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!” යනුවෙන් ට්‍රම්ප් එහි සටහන් කර තිබුණි.
මේ අතර, ලබන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේදී මෙම ගිවිසුමට අත්සන් තබන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, මෙම ගිවිසුමේ නිශ්චිත කොන්දේසි මොනවා ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.
