June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උසාවිය…! නිශ්ශබ්ද වනු !

1 min read

ඕනෙම උසාවියක කාර්යයන් ආරම්භ වන්නේ විනිසුරවරයා සිය අසුන මත වාඩිවීමට පෙර “උසාවිය… නිශ්ශබ්ද වනු !” යැයි හඬනගා පැවසීමෙන් පසුවය. එය, උසාවියේ යුක්තිය පසඳලීමේ කාර්යය පිළිබඳ ගෞරවය හා පක්ෂපාතීත්වය එහි සිටින පිරිස ඵළ කළ යුතුය යන තේරුම්න් සිදුකරනු ලබන්නක් බව පැහැදිලිය.

නීතියේ දෙවඟන (Lady Justice) නිර්මාණය වී තිබෙන්නේ ද එබඳුම අදහසකින්ය. ලොව පුරා අධිකරණ සහ නීති ක්ෂේත්‍ර තුළ යුක්තිය හා සාධාරණත්වය සංකේතවත් කරනු පිණිස බහුලවම භාවිතවන සංකේතය වන්නේ නීතියේ දෙවඟනය. පැරණි ග්‍රීසියේ සහ රෝමයේ පැවති දේව විශ්වාසයන් පදනම්කරගෙන නිර්මාණය වී තිබෙන මෙම රුව, කඩුවක් සහ තරාදියක් අතින් ගත් දෑස් රෙදි කඩකින් බැඳ ඇති කාන්තාවක්ගේ (කන්‍යාවියකගේ) රුවකින් නිරූපණය කෙරේ.

ඇයගේ දෑස් බැඳ තිබෙන්නේ, නීතිය ක්‍රියාත්මකවීමේ දී තිබිය යුතු අපක්ෂපාතිත්වය සංකේතවත් කරනු පිණිසය. එනම්, නීතිය සහ යුක්තිය පසිඳලීමේ දී පුද්ගලයාගේ ධනය, බලය, කුලය, තරාතිරම, උගත්කම හෝ කීර්තිය වැනි කිසිදු බාහිර සාධකයක් බල නොපාන බව පෙන්වීම සඳහාය. සැමට සමානව හා සාධාරණව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මෙමගින් අදහස් කෙරේ.

මෙම කන්‍යාවියගේ එක් අතක ඇති තරාදිය මගින් කියැවෙන්නේ, සාක්‍ෂි සමබරව සලකාබලන බවය. නඩුවකදී හෝ ආරවුලක දී ඉදිරිපත්වන දෙපාර්ශවයේම සාක්ෂි, කරුණු සහ තර්ක ඉතා සියුම්ව, සමබරව සහ තරාදියක තබා මනින්නාක් මෙන් මධ්‍යස්ථව කිරා මැන බලා නිවැරදි තීරණයට එළැඹීය යුතු බව මෙමගින් නිරූපණය වේ.

ඇයගේ එක් අතක රැඳි කඩුව මගින් කියාපාන්නේ නීතියේ බලය සහ දඬුවම ගැනය. වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට නීතිය සතු බලය සහ අධිකාරිය මෙමගින් ප්‍රකාශ වේ. මෙම කඩුව දෙපසම කැපෙන එකක් ලෙස නිර්මාණය කර ඇත්තේ නීතියේ තීන්දුව අවසන් සහ අනිවාර්යෙන්ම ක්‍රියාත්මකවන්නක්බව පෙන්වීමටයි.

ඓතිහාසිකව ගත් කළ, පැරණි ග්‍රීක සංස්කෘතියට අනුව දිව්‍යමය නියාමයේ සහ සිරිත් විරිත්වල දෙවඟන වූ තේමිස් (Themis) සහ ඇයගේ දියණිය වූ ඩයික් (Dike) ගේ සංකල්පය මෙයට මූලික වී තිබේ. පසුව රෝම වැසියන් විසින් මෙය ජස්ටීෂියා (Justitia) නමින් හඳුන්වමින් වර්තමාන නීතියේ දෙවඟනගේ රුව නිර්මාණය කොට තිබේ.

ජනප්‍රිය පුවත්  කෙබරයාගේ ගණිතය‍

වර්තමාන සසිරිබර නොවූ ම‍ෙසිරිලක ද අධිකරණය හා නීතිය සංකේතවත් කරන්නේද මේ දෙවඟනමය. එහෙත්, දැන් ඒ දෙවඟනගේ දෑස් වසා නැත. එක් අතක රැඳි තරාදියේ ද සමතුලිත බව බිඳී ඇත. කඩුවේ දෙපැත්තක මුවහත එකපැත්තකට පමණක් තියුණු වී තිබේ. වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිගේ පට්ට මිතුරක වූ එංගලන්තයේ වාසය කරන උවිඳු කුරුකුලසූරියට අනුව අද මෙරට අධිකරණය පවතින්නේ හීලෑකර ගැනීමේ මෙහෙයුමකට යටත් කොටය.

“ආණ්ඩුව නිසැක වශයෙන්ම අධිකරණය හීලෑ කර ගැනීමේ ක්‍රියාන්විතයක් දියත් කර ඇත. අන් සියළු දේට වඩා එහි ඇති භයානකත්වය නම්, අවංක, නිර්භීත හා නීතියට අනුකූලව තීන්දු දෙන විනිසුරන්ගේ තීන්දුවට ලැබිය යුතු ගරුත්වය පවා නොලැබීමය. සිවිල් සමාජය මේ නින්දිත ක්‍රියාවලියට එරෙහිව පෙරට ආ යුතුය.”

මෙසේ කියන්නේ අනුර කුමාර ජනාධිපති වීමට පෙර ලන්ඩන් යන විට මුන් කැවුම් පවා අරං ගොස් හමුවන ඔහුගේ කුළුපග මිතුරා වූ උවිඳු කුරුකුලසූරිය ය. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද ලන්ඩනයට ගිය පසු වෙනම “කැෆේ” එකක දී හමුවූයේ මේ කියන උවිඳු ය. එහෙව් උවිඳුටත් මෙසේ සිතෙන්නේ, තත්වය උවිඳු හිතනවටත් වඩා බරපතල නිසාය.

පසුගිය 7 වැනි දා තම පක්‍ෂයට සමීප නීතිඥවරුන් කණ්ඩායමක් හමුවූ ජනාධිපති අනුර කුමාර, අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම වයස දෙවසරකින් දීර්ඝ කිරීම ගැන එම නීතිඥයන් විසින් විමසන ලද විට කියා සිටියේ “මුන් ටික හිරේ දාන්නනම් සී.ජේ. සිටිය යුතුයි” කියාය. සැබෑ ලෙසම සිදුව ඇත්තේ ජනාධිපති අනුර කුමාර ප්‍රීති පද්මන් සූරසේනගේ ස්වභාවයෙන් අගවිනිසුරු බවට පත්ව සිටීමය. එසේත් නොවේනම්, අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනට ජනාධිපති අනුර කුමාර ආරූඪ වී තිබීමය. මේ නිසා ජනාධිපති අනුර කුමාර හිතන්නේ, දේවගැති සූරසේන නැත්නම්, යුක්තිය පසිඳලීම කළ නොහැකි බවය.

මෙයින් පැහැදිලිවන්නේ, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන හැර, එස්. තුරෙයිරාජා හෝ යසන්ත කෝදාගොඩ හෝ වෙනත් අන් කවරකුටවත් ජනාධිපති අනුර කුමාරට විශ්වාස නැති බවය. දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ගැන මෙබඳු අතිශය ඉහළ විශ්වාසයක් ඇතිකර ඇත්තේ කවුරුන් විසින් දැයි විය හැකිද? ඒ අන් කිසිවකුත් නොව “බෝර්න් අගේන්” ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණ විසින්ය. දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින්ය. කෙටියෙන් කිවහොත් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින්ය.

ජනප්‍රිය පුවත්  අර්බුදයේ පාලනය කොතැනක නතර වනු ඇත් ද?

ප්‍රීති පද්මන් සූරසේන කුඩා කාලයේදී ද විශ්වවිද්‍යාල සමයේදී ද ඇති තරම් “බුලි” වූ පුද්ගලයෙකි. ඔහු තුළ නිරායාසයෙන්ම තිබෙන්නේ අනාරක්ෂිත මනසකි. මේ මනස කොතරම් බියකරුද යත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වන නිල කාමරයේ C.C.T.V. කැමරා සවිකර ඇත්තේ ද එබැවිණි.

සූරසේන අද මුළුමහත් අධිකරණ පද්ධතියම තම අණසක යටතට ගෙන හිරිවට්ටවා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 5 ක් තිබේ. අභියාචනාධිකරණය පුරප්පාඩු 3 ක් තිබේ. ඇතැම් පුරප්පාඩු ඇති වී මේ වන විට මාස 6 කටත් වඩා වැඩිය. එහෙත් මේ දේවගැති සූරසේන ඒවා පුරවන්නට ජනාධිපතිවරයා උනන්දු කරවන්නේ නැත. ඔහුට අවශ්‍ය වී ඇත්තේ, පහළ උසාවිවලින් ජනාධිපතිවරයා සතුටු කෙරෙන නඩු තීන්දු දෙන විනිසුරන්ට පමණක් එම උසස්වීම් ලබාදීම පිණිස ඒවා “කැරට් අල” මෙන් තබාගෙන සිටීමටය. මේ ගැන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ මෙලෙසිනි.

“…ඊළග නඩුවල තීන්දු එක්කද මේ අය පත්කරන්නේ? අද ශශී වීරවංශ ඇතුලට දානවා. මහාධිකරණයෙන් ඒ අයට උවමනා අය හිරේ දැම්මට පස්සෙද උසස්වීම් දෙන්නේ? ඒක තමයි මෙතන තියෙන සැකය…”

ඇත්ත කතාවත් මේකය. ජනාධිපති අනුර කුමාර පසුගිය මැයි දින වේදිකාවේ දී ජුනි 25 එන තීන්දුවක් ගැන කියා අත්පොළසන් නගන්නට සූදානම්වන්නැයි කියා සිටියේ අධිකරණයට අත්වී ඇති ඉරණම වැරදීමකින් හෝ පෙන්වා දෙමින්ය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මේ නිසා ඒ දිනයේ දී හෝ ඉන් පසු දිනයකදී සූදානම් කර තිබූ නඩු තීන්දුව දුන්නේ නැත. ඒ, විධායකයේ රූකඩයක් බවට අධිකරණය පත්ව ඇතැයි අමු අමුවෙන් පෙනෙනවාට අකමැති නිසාය. මෙහෙම ගියොත් නීතියේ දෙවඟනගේ ඇස් බැද ඇති රෙදි පට පමණක් නොව මුළු වස්ත්‍රයම ගලවාගෙන යන බව එම විනිසුරුවන්ට තේරෙන නිසාය. එසේ වූ විට ගැලවෙන්නේ නීතියේ දෙවඟනගේ වස්ත්‍රය සමගම තමන්ගේද වස්ත්‍රය බව ඔවුන් දන්නා නිසාය.

ජනප්‍රිය පුවත්  කළකම් ඵල දීම - පෙරටු වර්ෂන් එක!

විනිසුරුවරයකුට නිවැරදි තීන්දුවක් දීමේදී තම උසස්වීම් ගැන බියක් ජනිත වන්නේනම්, එය යුක්තිය පසඳලන අධිකරණයක් වන්නේ කෙසේ ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 5 සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 3 විනිසුරුවන්ගේ උසස්වීම් පිළිබඳ “මස් කට්ට” බවට පත් කර තිබීමෙන් අධිකරණය හා යුක්තිය පසිඳලීම පත්වන්නේ කවරනම් අශිෂ්ඨ ඉරණමකට ද?

මේ නරුම ක්‍රියාන්විතය නිසා අභියාචනාධිකරණයේ ධම්මික ගනේ‍පොළ විනිසුරුවරයා උසස්වීම් නොමැතිව විශ්‍රාම ගියේය. දැනටමත් අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරු රත්නප්‍රිය ගරුසිංහ තවග මාස කීපයකින් උසස්වීම් නොලබාම විශ්‍රාම යනු නියතය. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවා වසර 220 කට වැඩිය. ඒ මුළු ඉතිහාසය තුළදීම එහි ඇති වන පුරප්පාඩු මේ අන්දමේ දේශපාලන මස්කට්ටක් බවට පත්කරගෙන නැත. පුනරුදය නමින් අද සිදුවන්නේ, ඒ වසර 220 වත් සිදු නොවූ දේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පිරවුවහොත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු ගණන වැඩිවේ. එවිට, මහාධිකරණ, දිසා අධිකරණ විනිසුරන් දක්වා උසස්වීම් හිමිවේ. පුරප්පාඩු පිරවීමට නව විනිසුරන් බඳවාගැනීමට ද සිදුවේ. අනුර කුමාර – සූරසේන මෙහෙයුම නිසා සිදුව ඇත්තේ මේ සජීවී ක්‍රියාදාමය මරා දැමීමය. නීතිය හා සාධාරණය ගැන සංවේදී කිසිවකු මීට ඉඩ දිය යුතුද?

සූරසේන දේවගැතිවරයාට තව අවුරුදු 2 ක් ලැබුණහොත් අධිකරණයනම් “සෙත්තපෝච්චි” වීම වැළැක්විය නොහැක. ඔහු එලෙස සේවා දිගුවක් ලබාගතහොත්, නීතියේ කන්‍යාවියගේ ඇස් බැදා ඇති රෙදි කඩද රහිතව, තරාදිය ද විසිකර, කඩුව වෙනුවට කුරුසයක් ඇය අතට දී එම කන්‍යාවියගේ ඇඳි වත උනා දමා අපූරු පුනරුදයක් අපට දැක බලා ගැනීමට හැකිවනු නිසැකය.

මහජනයා යනු පරම බලයයි. එය නොසලකා හැසිරෙන්නන් තේරුම් ගත යුත්තේ පරම බලය පිපිරෙන විට සියල්ල අවසන් වනු ඇති බව පමණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x