June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයේ විරෝධතා යළි ඇවිලේ !

1 min read

ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කිරීමට නියමිත නව සාම ගිවිසුමේ අලුත්ම කෙටුම්පතෙහි (Draft) අන්තර්ගතයන් කිහිපයක් මාධ්‍ය වෙත කාන්දු වීමත් සමඟ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිට (Abbas Araghchi) එරෙහිව ටෙහෙරාන වැසියන් සහ දැඩි මතධාරීන් පිරිස් වීදි බැස සිදුකරන විරෝධතා තවදුරටත් උණුසුම් වී තිබේ.

ටෙහෙරාන නුවරින් ලැබෙන අලුත්ම දර්ශනවලට අනුව විරෝධතාකරුවන් විදේශ අමාත්‍යාංශය ඉදිරිපිට රැස්ව, “අරග්චි, ලැජ්ජා වෙයන්! (Araghchi, shame on you) මේ රට ඇමරිකාවට පාවා නොදී අතහැරලා දාපන්!” යනුවෙන් උස් හඬින් සටන් පාඨ කියමින් විරෝධය පළ කරති.

න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම, යුරේනියම් විනාශ කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලන බලතල සම්බන්ධයෙන් නව ගිවිසුම හරහා ඉරානය විසින් ඇමරිකාවට දැවැන්ත සහන (Major concessions) ලබා දී ඇති බවට චෝදනා කරමින් එරට වැසියන් මෙලෙස විදේශ අමාත්‍යවරයාට සහ ගිවිසුමට එරෙහිව දැඩි ලෙස කැරලි ගසමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x