රාජාංගනේ සද්ධාරතනට පහරදීමක්
1 min read
භික්ෂුත්වයෙන් නෙරපූ රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
පසුගිය සෙනසුරාදා (06) රාත්රියේ මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෑන් රථයකින් පැමිණි දෙදෙනෙකු මුහුණු ආවරණය කර පහරදී පලාගොස් තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ චීවරධාරීයා ප්රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
පහරදීමට හේතුව සහ පහරදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණවී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්රියාත්මකය.
