සූරේෂ් සලේගේ සෞඛ්‍ය නරක අතට – පවුලේ ඥාතීන් කියයි
1 min read
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් පවසයි.
අද (12) පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බැවින් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බවය.
මේ අතර සුරේෂ් සලේ මහතා සම්බන්ධව අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අස්ගිරි විහාරයට පැමිණ ඔහු වෙනුවෙන් ආයාචනයක් සිදුකළ බවය.
එහිදී තම ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කළ බවත් එම ආයාචනය ජනපතිවරයා වෙත යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසත් සලේ මහතාගේ බිරිඳ ඉල්ලා සිටි බව අස්ගිරි මහ නාහිමි ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
