November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කථානායකගේ කොල්ලටත් නිල නිවසක් !

1 min read

කථානායක ජගත් වික්‍රමරත්න විසින් තමන් යටතේ නිල නිවාස දෙකක් පවත්වාගෙන යාමටත් එම නිල නිවාස දෙකම රජයේ අරමුදල් මගින් නඩත්තු කිරීම පිළිබඳව මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. ”අපි නිල නිවාස ගන්නේ නෑ” යැයි පාරම්බාමින් බලයට පත් ”මාලිමා” ආණ්ඩුව මින් පෙර කිසිදු දිනක නොවූ පරිදි කථානායක තනතුර සඳහා නිල නිවාස දෙකක් භුක්ති  විදින තත්වයට පත්ව තිබේ. කථානායක ධුරය දරන පුද්ගලයාට නිල වශයෙන් හිමි, පාර්ලිමේන්තුව සමීපයේ වන නිල නිවසට අමතරව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් බම්බලපිටියේ ලොරිස් මාවතේ නිවසක් ද තම භාවිතය සඳහා වෙන්කර ගෙන තිබේ. එය වෙන් කරවා ගෙන තිබෙනුයේ තමන් විසින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කරන ලද ලිඛිත ඉල්ලීමක් මගිනි.

කෙසේ වෙතත් පසුව ඔහු මෙම බම්බලපිටිය නිල නිවසේ පදිංචි කරවා ඇත්තේ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ය. එසේ වුවත්, වැඩි කාලයක් කථානායකවරයා ගත කරන ලද්දේ මෙම නිවසේ ය. මෙම නිවසේ, කථානායක නිල නිවසේ මෙන් ආරක්ෂක මණ්ඩයක් හා කාර්ය මණ්ඩලයක් නොසිටින අතර, කථානායක ජගත් මෙම නිවසට යන්නේ තම ආරක්ෂකයන් පාර්ලිමේන්තුව අසල  වූ නිල නිවසේ නතර කර තබා ය. බම්බලපිටිය ලොරිස් ලේන් නිවසේ සිටියේ කථානායක, පෙර කී පුද්ගලික ලේකම්, රියදුරු සහ තවත් දෙතුන් දෙනෙකු පමණි.

ජනප්‍රිය පුවත්  අනුර - ට්‍රම්ප් හමුවේ ඡයාරූපයත් පචයක්!

මෙම බම්බලපිටිය නිවසේ රැදී සිටින්නේ කථානායකවරයාගේ ආදරවන්තයා බව ද මේ වන විට දැන ගැනීමට තිබේ. ඔහු මීට පෙර රාජකාරී කර ඇත්තේ පොළොන්නරුවේ PHI වරයෙකු ලෙසය. කථානායකවරයා හා මෙම PHI අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වී ඇත්තේ, කථානායක ජගත් වෛද්‍යවරයකු ලෙස පොළොන්නරුවේ රාජකාරී කරනු ලබන කාලයේදී ය. කථානායකට අවශ්‍ය වූයේ ඔහු සමඟ ”යහන් ගතවන” බව රහසක් බවට තබා ගැනීමට ය. බම්බලපිටිය නිල නිවස ලබා ගත්තේ ඒ කාම ආශාව පිනවා ගැනීමට ය.

මෙයින් නොනැවතුණු කථානායකවරයා ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තුළ නව තනතුරක් ඇති කළේය. මේ පිළිබඳ අප කළ විමසීමකදී තම අනන්‍යතාවය හෙළි නොකළ නිලධාරියකු පවසා සිටියේ පාර්ලිමේන්තු භෝජනාගාර අධීක්ෂක යන ලෙසින් නව තනතුරක් නිර්මාණය කර තම පිරිමි පෙම්බරා එයට පත් කළ බවයි. පසුව මෙය මාධ්‍යයට නිරාවරණය වීමත් සමඟ අදාළ තනතුරට කෝට්ටේ මහජන පරීක්ෂකවරයකු සේවයට පත්කර, තම ප්‍රේම කුරුල්ලාව පුද්ගලික ලේකම් වශයෙන් පමණක් තබාගෙන තිබේ.

රටේ පළමු පුරවැසියා අද රට මෙහෙයවන්නේ බෝන් අගේන් ප්‍රමිෂ්කාය. අගමැති කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල බලධාරියා වී ඇත්තේ, හසානා සේගු ඉසදින් ය. ධූරාවලියේ තුන්වන වැදගත් පුද්ගලයා වන්නේ කථානායක ය. ඔහුගේ පෙම්වතා පෞද්ගලික ලේකම් ය. ඔහු සිටින්නේ වෙනම නිල නිවසක ය. පුනරුදය වන්නේ මෙයද?

ජනප්‍රිය පුවත්  සමන් ඒකනායකට එන්න එපාලු!

  underground  පාර්ලිමේන්තු වාර්තාකරු

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Saliya Vithanage
Saliya Vithanage
1 month ago

huta

1
0
Would love your thoughts, please comment.x
()
x