June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ජූලි 01 සිට ඉහළට !

1 min read

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ක්‍රියාත්මක වූ 26%ක වාර්ෂික පොලී අනුපාතය ජූලි මස මුල සිට 28%ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ, මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් ඉහළ නැංවීමට ගත් තීරණයත් සමඟය.

ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය 1%ත් 3%ත් අතර අගයකින් ඉහළ දැමීමට බැංකු සහ මූල්‍ය ආයතන මේ වන විට පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයට හුරුවී සිටින මෙරට ලක්ෂ 22ක් පමණ වන පාරිභෝගිකයින් වෙත මෙම නව පොලී සංශෝධනයේ සෘජු බලපෑම එල්ල වේ. අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ණය පත් මත යැපෙන බහුතර පිරිසකට ජූලි මස 01 වැනිදා සිට මෙම පොලී ඉහළ යාමේ බර දැඩි ලෙස දැනෙනු ඇති බව මෙරට මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x