June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලරයේ විකුණුම් මිල අද වෙනස් වුණ ආකාරය

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු ප්‍රමාණයකින් ශක්තිමත් වී තිබෙනවා.

එම සටහනට අනුව, අද (08) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.04 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එසේම, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.22 ක් ලෙස සටහන්ව තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.27 ක් හා රු. 342 ක් ලෙසින් වාර්තා වී තිබුණ‍ා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x