June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙසක් පෝයට දෙසූ බණ ගැන පොලිස් පරීක්ෂණ !

1 min read

කඩුවෙල, මාලබේ, පොතුවරාව ප්‍රදේශයේ පිහිටි සිරි සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් පසුගිය වෙසක් පෝය දිනයේ සිල් ගත් උපාසක උපාසිකාවන් අමතා සිදු කරන ලද දහම් දෙසුම ගැන ප්‍රශ්න කිරීමට මාලඹේ පොලිසියෙන් පැමිණ තිබේ.

එම විහාරාධිපති ස්වාමින්වහන්සේ වීඩියෝ පටයකින් මෙම “අවනඩුව” සමාජ මාධ්‍ය මගින් අණාවරණය කර ඇත. එහි දැක්වෙන්නේ බෞද්ධ විරෝධී කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය උත්සන්න වී ඇති බවත්, ඒ අයට සල්ලි ලැබෙන්නේ එන්.ජී.ඕ. වලින් කොටි සංවිධානයේ ඩෑස් පෝරාවෙන් විය හැකියැයි උන්වහන්සේ පැවසූ බවය.

පසුව පොලීසියෙන් පැමිණ තමන් දෙසූ දෙසුම ගැන ප්‍රශ්න කළ බවද උන්වහන්සේ සැල කර සිටී.

සම්පූර්ණ වීඩියෝව මේ සමඟ ඵළ කර ඇත.

  • සුසිලා විජේරත්න –

විහාරාධිපති පූජ්‍ය ධම්මසේන හිමි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x