June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.පෙ. මූලස්ථානයට දැඩි රැකවරණ

1 min read

බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මූලස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දැඩි ආරක්ෂාවක් සලසා තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම ආරක්ෂාව සැලසීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, පැලවත්ත මූලස්ථානය වෙත දිවෙන අතුරු මාර්ගය හරස්කර මාර්ග බාධක දමා තිබෙන විශේෂ කාර්ය බළකාය එම අතුරු පාරට ඇතුල්වෙන සියලූදෙනාම නවතා ප්‍රශ්න කිරීමට භාජනය කරනු ලබයි. ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයට යන පුද්ගලයකු වුව පොලිස් බාධක වෙතින් යවන්නේ, එම ප්‍රධාන කාර්යාලයේ බලධාරියකු විසින් අදාළ පුද්ගලයා එවන ලෙස දැනුම් දීමෙන් පසුය.

එමෙන්ම, එම අතුරු මාර්ගය ප්‍රයෝජනයට ගන්නා නිවාසවල පදිංචිකරුවන්ට හැර අන් කිසිදු පුද්ගලයකුට එහි ඇතුල්වීමට අවසර නොලැබේ. මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අයකු ගිය ද පැලවත්ත කාර්යාලයෙන් විමසා මිස යාමට ඉඩ නොදේ.

බලයට පැමිණි විගස අරලියගහ මන්දිරයේත් ජනාධිපති මන්දිරය ආශ්‍රිතවත් පවතින, එතෙක් ආරක්ෂිත හේතු මත සීමිත පරිහරණයට යටත් කර තිබූ මාවත් විවෘත කර, ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙන ලද පණිවුඩයට හාත්පසින්ම වෙනස් හැසිරීමක් පැලවත්ත කාර්යාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ. අධි ආරක්ෂිත කලාපයක් නොවන එවැනි ප්‍රදේශයක සාමාන්‍ය මහජනයාගේ නිදහස් සංචරණයට බාධා කිරීමේ හැකියාවක් පොලිසියට ඇත්තේ නැත.

ජනප්‍රිය පුවත්  විදෙස් ආයෝජකයෝ ඊයේ රු. බිලියන 3ක කොටස් විකුණති

මෙම දැඩි ආරක්ෂාව සැලසීමට හේතු වී ඇත්තේ බුද්ධි අංශ වෙතින් ලද වාර්තාවකි. එහි සඳහන්ව තිබී ඇත්තේ, දිනෙන් දින වර්ධනය වන ආර්ථික පීඩනය හා තවත් කරුණු හේතුකොටගෙන මහජන විරෝධතා පැලවත්ත දෙසට යොමුවීමේ ඉහළ අවධානමක් ඇති බවයි. එබැවින්, දැඩි ආරක්ෂක විධි විධාන සැලසීමට එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

– ජානක ත්‍රන්ත්‍රිමුදලිගේ –

    Please follow and like us:
    Pin Share
    Subscribe
    Notify of
    guest
    0 Comments
    Oldest
    Newest Most Voted
    0
    Would love your thoughts, please comment.x
    ()
    x