June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යාපනය සරසවියේ වෙසක් සැරසිලිවලට ගිනි තියයි!

1 min read

යාපනය විශ්ව විද්‍යලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කර තිබූ වෙසක් සැරසිලි ඊයේ (31) රාත්‍රියේදී හඳුනා නොගත් පුද්ගලයින් විසින් විනාශ කර ඇති බව වාර්තාවේ.

ශ්‍රි ලංකාවේ සැම විශ්ව විද්‍යලයකම සියලු ආගම්වල සිසුන් අධ්‍යපනය ලබන අතර ඔවුන් තමන්ගේ ආගමික උත්සවයන් විශ්ව විද්‍යල තුල සමරන අතර එම අවස්තාවලට වෙනත් ආගමික සිසුන්ගෙන්ද ලැබෙන්නේ නොමද සහයෝගයකි. මෙම සුහදශීලි පරිසරය යාපනය විශ්ව විද්‍යලයට අදාල නොවන බවක් අපට මේ සිදුවිමෙන් පෙනේ.

මේ සිදුවිම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරික්ෂණ සිදුවන අතර පසුගිය ඊනියා ජනසංහාර සැමරුම් වල ඉදිරියෙන්ම සිටිමින් විර චරිත රගපැ යාපනය විශ්ව විද්‍යලයේ ශිෂ්‍ය සංගමය මේ සිදුවිම සම්බන්ධයෙන් අවම වශයෙන් තවම නිවේදනයක්වත් නිකුත් කර නැහැ. මේ සිදුවිමට සම්බන්ධ විශ්ව විද්‍යලයේ හෝ බාහිර පාර්ශවයන් හැකි ඉක්මනින් අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලපොරොත්තු වෙමු. නියපොත්තෙන් කඩා විසදිය හැකි ප්‍රශ්ණ පොරොවෙන් කපන්න ඉතුරු නොකිරිම නිතිය රකින සැමගේ වගකිමයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x