June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පක්ෂ මාරු කිරීම වැලකීම නිවැරදිද ?

1 min read

මේක ලංකාවේ මෝඩ මිනිස්සු කන්න යන අලුත්ම ටොපියක්. ඇත්තටම ලංකාවේ චන්ද දායකයන්ගෙන් සාමාන්‍ය පිරිසක් දේශපාලනය ගැන ඉතාම නූගත් මිනිස්සු. ඒ මිනිස්සු මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කැම්පේන් ගැම්මෙන් උස්සන් දුවනවා ප්‍රභූන් විදියට උන් දකින මන්ත්‍රීලට කෙලවන්න.

🔴ඇත්තටම වෙන්නේ මොකද්ද?

අද ආණ්ඩුවට 2/3ක් තියෙනවා. මේ අය හෙට ව්‍යවස්ථාවක් ගේනවා දෙමළ ඊලම දෙන්න වගේ රටේ බහුතරයක් පිලිනොගන්න තීරණයක් එක්ක. එහෙම එකක් සම්මත කරන්න අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 2/3ක් ඕන.

දැන් අද නම් මහජන විරෝධය ඉස්සරහා මන්ත්‍රීලට ඕකට පක්ෂව චන්දේ දෙන්න බැරි වෙනවා
හැබැයි මේ පනත සම්මත නම් ඉල්ලා අස් වෙන්න පුළුවන්. විරුද්ධ වෙලා විපක්ෂයට යන්න බෑ. ඉල්ලා අස් උනාම පොල්පිති පාපිසි වගේ කැමති උන් ඇවිල්ලා පෝලිමේ වාඩි වේවි.

🟢මම ලොකු දේවල් කියන්නේ නෑ.

මතකද 2006/7 අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන්න හැදුවා. යුද්දයට ඕන අයවැය පාස් කරන්න එපා විපක්ෂයෙන් විමල්ලා ඇවිල්ලා සහය දුන්නා. කරුජයසූරිය එක්ක 17ක්ද කොහෙද ආවා.

පක්ෂ නායකයගේ මතයට උඩින් ජනතා පරමාධිපත්‍ය රැකෙන්න ඕන.

🔴ඔය පනත සම්මත වෙලා තිබ්බා නම් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න පුළුවන් ද? බෑ නේ. 2/3ක් පාර්ලිමේන්තුවක් එහෙමම අවුරුදු 5ක් යනවා. මොකද මන්ත්‍රීලට පක්ෂයට විරුද්ධ වෙන්න බෑ. එහෙම උනාම අලුත් උන් එනවා. උන් පක්ෂ වෙනවා

ජනප්‍රිය පුවත්  ටිංටිංන්ගේ කතා වස්තුව - පළමු කොටස

🔴ලංකාවේ මේ යන ගමන එක්ක ආර්ථික අර්බුදයක් ආවොත් ඉන්න උන් එලවන්න බෑ. ඒ කියන්නේ උඹලට ඉල්ලා අස්නොවුනොත් ගුටිකන්න වේවි බන්.

අනික ඕකෙන් පස්සේ පැලවත්තේ ටිල්වින් උඹලට පනතක් වෙලාවට අත්දෙකම උස්සපල්ලා කිව්වොත් උස්සන්න ඕන. නැත්නම් මහලේකම් ලියුමක් ගහලා අලුත් එකෙක් පත් කරාවි.
මම අහන්නේ හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීකට ඔහොම වහල්ලු වෙන්න පුළුවන්ද පක්ෂ ලේකම් ගේ? ඔහොම ගොං පනත් සම්මත කරනවා නම් උඹලා පොල්පිති නෙවෙයි , වැස්සට ගහගෙන ආව නයි ගැරඩි වගේ උන් වෙන්න ඕන.

ඕනම එකෙක්ට පක්ෂය මාරු කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, ඇමරිකාව, එංගලන්තේ, ජර්මනිය වගේ උදාහරණ බලන්න. උන්ට ආපහු දිනලා පාර්ලිමේන්තු එන්න බෑ. ලංකාවේ අදට තියෙන්න අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී, දියුණු මානවවාදී ක්‍රමය.
උබලා යන්නේ ගල් යුගයට නම් අපි මොනවා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ඔහොම වෙන්නේ ඉන්දියාවේ, මාලදිවයිනේ විතරයි. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ගැන මම ලියන්න ඕන නෑ නේ.

මම කියන්නේ ලොකු දේවල් එපා. රට තිබ්බ විදියට ප්‍රජාතන්ත්‍රවාදීව ආපහු ඊලග පාලකයාට දෙන්න.

ඒ ඇති.

ජනප්‍රිය පුවත්  ඉක්වදෝරය එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

ගල් යුගයට යන්න එපා. ලෝකේ හෙන දියුණුයි. ප්‍රජාතන්ත්‍රවාදීයි.

Lilanthaka R. Jayathunga

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x