June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරක් මැරීම හා වෙසක් මැරීම

1 min read

2026 මැයි පළමු වැනිදාට වෙසක් පොහොය උදාවීම මාලිමා රජයේ කරුමයකි. ඊට හේතුව ඇමරිකාව හැදූ මැයි පළමු වැනිදා කම්කරු දිනය, වෙසක් පොහොයට වඩා වැදගත් සේ සැලකීමට ඔවුන්ට සිදුවීමයි. මාලිමා ආණ්ඩුවේ ජනාධිපති ප්‍රසිද්ධ මාක්ස්වාදියෙකි. ඔහුගේ වමේ රජය මැයි මුලට තිබූ බෞද්ධයන්ගේ වෙසක් පොහොය මාසයේ අගට තල්ලු කර දැමූ බව නොවැටහෙන්නා මොළේ මඤ්ඤං වූවෙකි.

ඉස්ලාමිකයන්ගේ බිලි පූජා මැයි 26 27 28 දිනවල යෙදේ. දෙවියන්ට පිදීමට සතෙකු හොයාගන්නට බැරිවුන ආබ්‍රහම් පූජකතුමා ඒ වෙනුවට තමාගේ පුතාගේ බෙල්ල කපා දෙවියන්ට ලේ පූජාව දෙන්නට ඉදිරිපත් වූයේ මේ කාලයේය. ඒ නිමිත්තෙන් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගාලි දේශය, මාලදිවයින ආදි මෑතක ඉස්ලාම් වූ රටවල ගවයින් කැපීමේ උත්සව (බක්රිඩ්) සිදු වේ. බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්වරූපය වෙනස් වූයේ මාලිමා ආණ්ඩුව වෙසක් පොහොය වෙනස් කිරීමෙනි. මෙම සාපරාධී ක්‍රියාව බොහෝ බෞද්ධයන්ට නොවැටහී යන්නේ ජනාධිපතිවරයාගේ සංඝාධිකරණයක් පිහිටුවීමේ කතාව පිළිගත් විටයි. ‘සිංහල බෞද්ධයාගේ බලය ඉවරයි’ කී ඕමල්පේ සෝභිත හිමියන්ම ඊට මග පාදා දීම උන්වහන්සේ කරගත් මහා පාප කර්මයකි.

ජනප්‍රිය පුවත්  මරණ සහතිකයෙන් වසන් කළ නොහැකි රසායන විද්‍යාව

ආණ්ඩුව මැයි මස අගට තල්ලු කළ වෙසක් පොහොය දිනවලට හරකුන් කපන දින වැටී ඇති බව මාලිමාවට හිතවත් බෞද්ධයන්ට වැටහේ. ‘බෞද්ධයින්ට පින්දහම් කරන්න කියමු. මුස්ලිම් ආගමිකයන්ට ගව ඝාතනයේ යෙදෙන්ඩ ඉඩදෙමු’ කතාව ආවේ ඔවුන්ව අන්දවන්නට.

විශාල ඉස්ලාම් ජනගහනයක් සහිත රටක් වූ ඉන්දියාව මුස්ලිම් රටක් බව පිළිගන්නට බිජේපීය සූදානම් නැත. ඉන්දියාවේ වෙසෙන ඉස්ලාමිකයන්ට හරකුන් කපන්නට මෝදිගේ ආණ්ඩුවෙන් අවසරයක් නොලැබේ. ඊයේ (මැයි 27) මදුරාසියේ ඉහළ උසාවිය තමිල්නාඩුවේ ගව ඝාතනය තහනම් කරන්නැයි තමිල්නාඩු ආණ්ඩුවට නියෝග කළේය. උසාවි නිීතියට අනුව එළුවන්, බැටළුවන් වැනි සතුන් පවා ඝාතනය කළ යුත්තේ සත්ව ඝාතනාගාරවලදී පමණි. දැන් තමිල්නාඩු ඉස්ලාමිකයන් බිලි පූජාව පවත්වනේ කෙසේද?

තමිල්නාඩු මහඇමති ජෝසප් විජේ දිල්ලියට ගියේ ගව ඝාතනය ගැන කතා කරන්නට නොවේ. කර්ණාටක ප්‍රාන්ත රජය මේගධාතු වේල්ල ඉදිකිරීම බලගැන්වීමෙන් ජෝසප් විජේ ඇඹරුන බැවිනි. මේ වේල්ල නිසා අනාගතයේ තමිල්නාඩුව කාන්තාරයක් විය හැකි බව උගතුන්ගේ අදහසයි. ඊට එක විසඳුමක් වන්නේ, ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරන පාලම දමා අනාථ වන තමිල්නාඩු වැසියන් ලංකාවට හැරවීමයි.
විජේ දිල්ලියේදී මෝදිට ඉදිරිපත් කළ අනෙක් ප්‍රශ්නය ඉන්දියානු මාධ්‍යන්හි සඳහන් විය. ඒ ලංකාවේ මුහුදට පැන මාලු කොල්ලයේ යෙදෙන තමිල්නාඩු ධීවරයින් ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීම ගැනයි. වහාම ඔවුන් සහ බෝට්ටු නිදහස් කර දෙන්නැයි විජේ මෝදිගෙන් ඉල්ලීමක් කළේය. රටවල් දෙක යා කරන පාලම දැමීම මේ ප්‍රශ්නයටත් විසඳුම යැයි තමිල්නාඩු උගත්තු කියති. එය අනුර දිසානායක ජනාධිපතිගේ කාලයේදී පහසුවෙන් කරගැනීමට හැකි බව ඔවුන්ගේ අදහසයි.

ජනප්‍රිය පුවත්  ශානිගේ කෙරුවාව… පල්ලියේ අවබෝදය පිණිස…

මේඝධාතු සංවර්ධන යෝජනා ක්‍රමය කර්ණාටක ප්‍රාන්ත රජය අරඹා ඇති දැැවැන්ත ජල යෝජනා ක්‍රමයකි. එය ක්‍රියාවට නැංවෙන්නේ කාවේරි නදිය හරස්කර බඳිනු ලබන යෝධ වේල්ලකිනි. කර්ණාටක ප්‍රාන්තයේ නගර ගම් විශාල ප්‍රමාණයකට පානීය ජලය සැපයෙන මෙම ව්‍යාපෘතිය මගින් එම ප්‍රාන්තයේ ගොවිතැන හා සත්ව පාලනය ඉතා දියුණු තත්වයකට පත් වන බව බොහෝ දෙනාගේ අදහසයි. බිජේපීය පැරදූ ජෝජස් විජේට දණගසා වේදනාව ප්‍රකාශ කිරීමට සිදු වී තිබේ. විජේ ආවේගාත්මක කතා පවත්වමින් ජනතාව ඇන්දවූ නළුවෙකි.

චීනය පසුගිය සතියේ කියුබාවට මානුෂික ආධාර වශයෙන් හාල් ටොන් දහදහක් පරිත්‍යාග කළේය. මාලිමා නායකයින් ලංකාව පොහොසත් රටක් කරන්නට සිතුවේ කියුබා ආධාරයෙනි. වෙසක් පෝය වෙනස් කිරීම මොවුන් කළ ජාතික අපරාධයකි. මොවුහු දානය, ශීලය වෙනුවට සත්ව ඝාතනයට අනුබල දෙමින් සිටිති. මාලිමාව ක්‍රියාත්මක කරන්නට යන මහා සංස්කෘතික සංහාරය වැළැක්වීම සිංහල බෞද්ධයන්ගේ වගකීමකි.

  • ඩේවිඩ් ඇන්තනි විසිනි –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x