June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඕලුගල පැලවත්ත නාඩගම කීර්ති හෙළි කරයි !

1 min read

ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ වත්මන් රජය විසින් තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සමාජය හමුවේ සිදුකරනු ලබන සංදර්ශනාත්මක ක්‍රියාවලීන් සහ ඒ පිටුපස ඇති සැබෑ නිරුවත සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කීර්ති රත්නායක විසින් දීර්ඝ සටහනක් තබමින් රට හමුවේ අනාවරණය කර තිබේ. ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාව මුලා කිරීමේ හැකියාව අතින් සාම්ප්‍රදායික ධනවාදී පක්ෂවලට වඩා වත්මන් වාමාංශික පාලකයන් බෙහෙවින් ඉදිරියෙන් සිටින බවත්, පාලකයන් විසින් දියත් කරන ලද “පැලවත්තේ සංදර්ශන ප්‍රෝඩාවන්” පිළිබඳව මේ වන විට රටේ බහුතරයකට හොඳින් ඉව වැටී ඇති බවත්ය.

මීට පෙර තමන් විසින් “ඕලුගල” නමැති නිලධාරියාගේ දූෂිත ක්‍රියාකලාපයන් හෙළිදරව් කරන විට මුග්ධ මිනිසුන් තමන්ට බැන වැදුණු ආකාරය සිහිපත් කරන කීර්ති රත්නායක මහතා, “ඕලුගල” නැමති ලදරම් කෝච්චිය මෙතෙක් කල් ධාවනය වූයේ මාලිමාව නමැති පීලි මත බව අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මොහු වෙත “ජනාධිපති වීරතා සම්මානය” පවා පිරිනැමූ නමුත්, ඕලුගල සහ ලින්ටන් විසින් පාතාලයෙන් ලබාගත් මහා පරිමාණ අල්ලස් (ජරාව) පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමඟ ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් විය. කරඬුව ඔළුවේ තබාගෙන සිටින විට සරම කැඩුණා වැනි වූ මෙම ලැජ්ජාසහගත සිදුවීමෙන් පසු, ආණ්ඩුව විසින් සියලු වැරදි ලින්ටන් පිට පටවා ඕලුගලව ඉතා සූක්ෂ්ම ලෙස වේදිකාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ඔහු පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  රටින් හාල් ගෙනාවේ නැත්නම් වීවලට හොඳ මිලක් දෙන්න තිබුණා…! - ඩඩ්ලි සිරිසේන….

Aman, CID හෝ නාකොටික් (Narcotics) වැනි කිසිදු විශේෂ සේවා වාර්තාවක් නොමැති, සේවය හැරගිය බවට (Vacation of Post – VOP) කළු පැල්ලමක් සහිත ඕලුගල වැනි සාමාන්‍ය පරිචයක් ඇති අයෙකු මාලිමාව විසින් තමන්ගේ දේශපාලන ක්‍රීඩාවන් (Games) සඳහා තෝරාගැනීමේ රහස දැන් පැහැදිලි වී ඇති බව ද කීර්ති රත්නායක මහතා පවසයි. එමෙන්ම, අද වන විට ජාතික ළමා රක්ෂණ අධිකාරිය තුළ සිටින දූෂිත “හාන්සි ධේනුව” පිළිබඳව තමන් කරුණු හෙළිදරව් කරන විටද ඇතැමුන් ඊට බැන වදින නමුත් ඉදිරියේදී සත්‍යය වැටහෙනු ඇතැයි පවසන ඔහු, ආණ්ඩුව විසින් සංදර්ශනාත්මක ලෙස රට තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළද වත්මන් ලංකාව තුළ කිසිදු අයිස් හිඟයක් නොමැති බවත්, පත්මේ සහ සෙව්වන්දි වැනි චරිත රටට ගෙන ඒමද හුදෙක් ජනතාව මුලා කිරීමට සිදුකළ තවත් එක් සංදර්ශනයක් පමණක් බවත් සිය සටහන මඟින් වැඩිදුරටත් අනාවරණය කරයි.

මුලාශ්‍ර – Keerthi Ratnayake / Facebook

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x